තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඹිලිපිටියේ නිවසකින් කෝටි 40 ක මත්කුඩු මතු වේ

    ඇඹිලිපිටියේ නිවසකින් කෝටි 40 ක මත්කුඩු මතු වේ

    ඇඹිලිපිටිය ටෙලිකොම් කාර්යාලය ආසන්නයේ පිහිටි නිවසක සඟවා තිබී හෙරොයින් කිලෝ 38යි ග්‍රෑම් 360ක් ඇඹිලිපිටිය පොලීසිය සොයාගෙන තිබේ.

    නිමි ඇදුම් සහ බෑග් මැසීමේ ව්‍යාාපරික ස්ථානයක් මෙම නිවසේ පවත්වාගෙන යමින් මෙම හෙරොයින් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම නිවස පවත්වාගෙන ගොස් ඇත.

    මෙම මත්කුඩු තොගය සමඟ නිවසේ රැදී සිටි 46 හැවරදි මවක් සහ 22 හැවරදි පුතෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඇසුරුම් 36ක මෙම මත්කුඩු තොගය තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙම ජාවාරමට ඔවුන්ගේ ඥාති පුත්‍රයෙක්ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    මෙම ජාවාරම ඩුබායි හී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් විසින් මෙහෙයවන බව පොලීසිය සැකකරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. සතියක් නිහඬව සිටියානම් මිනිස්සු අමතක වෙයි ඉතින් ඊට පස්සේ ඩීල් එක කොන්දේසියක් මත අයිති එක්කනාට දෙයි මෙතෙක් කල් මේ විදියට තමයි සිද්ධ වුණේ.
      මේක කොහොමද සිදුවෙයිද පලපුරුද්ද තියෙන දේශබක්ති තියෙන නලධාරින් මේකත් එක්ක කලින් අල්ලපු භාණ්ඩ වලටමොකද උනාද වාර්තා කරන්න

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img