තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලකරුවන් අගමැතිගේ පුද්ගලික නිවසට කඩා වැදී ගිනිතබයි

    අරගලකරුවන් අගමැතිගේ පුද්ගලික නිවසට කඩා වැදී ගිනිතබයි

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට මෙයට සුළු මොහොතකට පෙර අරගලකරුවන් පිරිසක් කඩා වැදී තිබේ.

    අරගලකරුවන් ගේට්ටු බිදගෙන සහ තාප්ප සහ දැල් වැටවල් උඩිනක් රිංගමින් අග්‍රාමාත්‍යවරයාගේ පුද්්ගලික නිවසට ඇතුළු විය.

    අද සවස් කාලයේ සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද සිය ධූරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් අරගලකරුවන්ගෙන් කොටසක් කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිට පස්වන පටුමගේ නිවස ඉදිරිපිට රැදී සිටියේය. එය වාර්තා කිරීමට ගිය සිරස මාධ්‍යවේදීන් පිරිසකටද එම ස්ථානයේ ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ පිරිසක් පහරදුන්නේය.

    උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් කළහාකාරී වී ඇත්තේ එම පහරදීමෙන් පසුවය. අනුරුව විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී ඇති අතර පසුව ඔවුන් අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවසට ඇතුළු වී තිබේ. මේ වන විට ඔවුන් කළහාකාරී ලෙස එහි හැසිරෙමින් ඇති බවත් ගිනි ගැනීමක්ද නිවසේ සිදුව ඇති බව පොලීස් තොරතුරු සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එම නිවසේ මිල කළ නොහැකි වටිනා පොත් එකතුවක් තිබී ඇත. එමෙන්ම මෙම නිවස කොළඹ රාජකීය විද්‍යාලයට පවරා තිබූ දේපළකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img