තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් STF නිලධාරීන්ට කරන දේ පොලිස්පති කියයි

    සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් STF නිලධාරීන්ට කරන දේ පොලිස්පති කියයි

    අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවති විරෝධතාව ආවරණය කරමින් සිටි සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසකට පහරදුන් සහ එම පහරදීමට අණ දුන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා newswave.lk වෙත සඳහන් කළේය.

    පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස තමා නියෝග කළ බවද පොලිස්පතිවරයා පැවසීය.

    මූලික විමර්මාශන වාර්තාව සලකා බලා මාධ්‍යවේදීන්ට පහරදීමට අණදුන් අදාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ වැඩ තහනම් කිරීමටද හෙට දිනයේ තමා පියවර ගන්නා බවද පොලිස්පතිවරයා කීය.

    මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් කළ එම පහරදීම තමා තරයේ හෙළා දකින බවද පොලිස්පතිවරයා සඳහන් කළේය. එම පහරදීම සිදු නොවිය යුක්තක් බවත් ඒ සම්බන්ධයෙන් තමා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම බලවත් කණගාටුව ප්‍රකාාශ කරන බවත් පොලිස්පතිවරයා පැවසුවේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img