තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාධ්‍යවේදීන්ට පහරදීම: ‘කනගාටුයි‘-අගමැති - ‘ලැජ්ජයි‘- විපක්ෂනායක

    මාධ්‍යවේදීන්ට පහරදීම: ‘කනගාටුයි‘-අගමැති – ‘ලැජ්ජයි‘- විපක්ෂනායක

    මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳ තමා කනගාටු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    “පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අගමැති බලවත් කණගාටුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ වේ. ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.“ යැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.

    මෙම පහරදීම සිදුවූයේ කොළඹ පිහිටි අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට සිදුවූ විරෝධතාව ආවරණය කිරීමට ගිය මාධ්‍යෙව්දිනියක් ඇතුළු මාධ්‍යෙවේදීන් 4 දෙනකුට ය.

    මේ අතර මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මෙය ලජ්ජාසහගත සිදුවීමක් බවයි.

    “රනිල්ගේ ආරක්ෂාව සඳහා ස්ථානගත කර සිටි පොලිස් නිලධාරීන් විසින් සිරස මාධ්‍යවේදීන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය මම මුළුමනින්ම හෙළා දකිමි. නීත්‍යානුකූල නොවන අගමැතිතුමනි, ලැජ්ජයි.“ යනුවෙන් විපක්ෂ නායකවරයා පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img