කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිට පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී මේ වනවිට පැවැත්වෙන විරෝධතාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් සිව්දෙනකුට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිසියට පහර දී තිබේ.
සරසි පීරීස්, ජනිත මෙන්ඩිස්, යූ.ජී. සින්දුජාන්, වරුන සම්පත් යන සිරස නාලිකාවේ මාධ්‍යවේදීන්ට මෙලෙස පහර දී ඇත.
සිය රාජකාරිය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉඩ දෙන ලෙසට සඳහන් කරමින් රජය විසින් සහතික කරන ලද මාධ්‍ය රජයේ හැඳුනුම්පත ද ඔවුන්ට ඇති බවට එම නාලිකාව පවසයි.
අගමැතිවරයාගේ පුද්ලිගලික නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බළකායේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ නිලධාරියා විසින් ‘මුන්ට ගහලා එළවපන්‘ යැයි නියෝග දෙමින් මෙම පහරදීම සිදුකර තිබේ.
මෙම අවස්ථාවේදී එම ස්තානයේ සිටි තවත් මාධ්‍යෙව්දීන් බේරී ඇත්තේ දිවයාම හේතුවෙන් බව ද වාර්තා වේ.
මොවුන් මාධ්‍යෙව්දීන් යැයි පවසද්දීම මෙම පහරදීම සිදුව ඇත.