කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මියගිය රැදවියාට පහරදීමට යොදාගත්තේ යැයි කියන ඝාතනම සහිත විදුලි වයරයක් සහ උණ පතුරු 02ක් පොලීසිය සොයාගෙන තිබේ.
ඒ එම පහරදීම දුටු බව කියන සෙසු රැදවියන් විසින් ලබාදුන් ප්‍රකාශ මතය.
මෙම පහරදීමට සම්බන්ධබව කියන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහයක උපදේශකවරු ලෙස කටයුතුකරමින් සිටි හමුදා සාමාජිකයන් සිව් දෙනෙක්ද පොලීසිය අත්අඩංගුවට ගත්තේය.
යුද හමුදාවේ සැරයන්වරයෙක්, මාණ්ඩලික සැරයන්වරයෙක්, ගුවන් හමුදාවේ සැරයන්වරු දෙදෙනක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සිව්දෙනා අද පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.