තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එන්න තියෙන තෙල් නැව් ගැන ඇමති හරීන් කියයි

    එන්න තියෙන තෙල් නැව් ගැන ඇමති හරීන් කියයි

    ලබන සතියෙන් පසුව ගෑස් ප්‍රශ්නය විස‍ඳ‍ෙන බවත් ඩීසල් නැව් කිහිපයක් අපේක්ෂාවෙන් සිටින බවත් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

    පෙට්‍රල් ගැටලුවට ද විසඳුම් සොයාගෙන ඇති නමුත් තවත් කරුණු කිහිපයක් සම්පූර්ණ වීමෙන් පසු පෙට්‍රල් දින 8ක් තුළ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව ද හෙතෙම ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

    එමෙන්ම මේ මොහොතේ ආණ්ඩුව සතුව ඇති මුදලින් තෙල් නැව් 5ක් පමණ ගැනීමට හැකි වන පරිදි රඳවාගෙන ඇති බවත් අමාත්‍යවරයා කියාසිටියේ ය.

    තෙල් නැව් එන දිනයන් පිළිබඳ අමාත්‍යවරයා පහත අයුරින් කරුණු දැක්වීය.

    “දැන් ලංකාවේ පෙට්රල් තමයි නැත්තෙ. මෙට්‍රික් ටොන් 50000ක් ගේන්න අපිත් ලොකු උත්සාහයක් කරා. ආයතන කීපයකුත් ඇවිත් තියෙනවා. ලංකාවට තෙල් ගන්න සල්ලිත් ඉතුරු කරගෙන අපි ඉන්නවා. ඩොලර් මිලියන 135 ක් විතර තියෙනවා. ඒකෙන් නැව් 5ක් විතර ගෙන්නගන්න ලංකා ආණ්ඩුවට මේ වෙලාවේ පුළුවන් තත්ත්වයක් තියෙනවා. බලන්න සාධනීය වෙන්න.

    ඉස්සෙල්ලාම ලංකාවට තිබ්බ ප්‍රශ්නෙ ගෑස්. ගෑස් ප්‍රශ්නය දැන් විසඳෙනවා. එන සතියෙන් පස්සේ ගෑස් ප්‍රශ්නය එන්නේ නෑ කියන එක අගමැතිතුමා එළියට ඇවිල්ලා ස්ථිර වශයෙන් කෙලින්ම කියලා ගියා. ඒක ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ කියන එක. තෙල් ප්‍රශ්නෙ 10 වෙනිදායින් පස්සෙ කොහොමහරි සකස් කරන්න අපේ කටයුතු කරලා තියනවා.

    මං දන්න විදියට 10වෙනිදා 12වැනි දා 22දා ඩීසල් නැව් එනවා. පෙට්‍රල්වල පුංචි අඩුවක් තිබෙනවා. 10 වැනිදාට කලින් මෙට්‍රික් ටොන් 50000ක් ගේන්න කෙනෙකුට අවස්ථාවක් දීලා තියෙනවා. එයා තව කරුණු කිහිපයක් දිය යුතුයි. ඒක දුන්නට පස්සේ එයාට 20%ක් ඇඩ්වාන්ස් එකක් ගෙව්වම ඒගොල්ලො දවස් 8කින් ලංකාවට පෙට්රල් ගේන්න සූදානම් ඉන්නවා. අපි ඉලක්කය හදලා දීලා තියෙනවා. ලංකාවට දවසට පෙට්‍රල් ඕනෙ මෙට්‍රික් ටොන් 2000යි මේ මොහොතේ. එතකොට 2000 ගානෙ බැලුවොත් එහෙම අපිට දවස් 25කට ඒ නැවෙන් විතරක් පෙට්‍රල් තියනවා. ඒ නිසා මේ සැලසුම් තියෙනවා කියලා දන්න මිනිස්සු තමයි barricadeවල නැගගෙන කුණුහරුප කියාගෙන කෑගහගෙන රණ්ඩු කරන්නේ.” යැයි ද අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img