තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වර්ජනය නිමවන විට මගීන් නොමැති දුම්රිය රැසක් ධාවනයට

    වර්ජනය නිමවන විට මගීන් නොමැති දුම්රිය රැසක් ධාවනයට

    දුම්රිය සේවකයින් හදියේම ආරම්භකල වැඩ වර්ජනය හේතුවෙන් දහස් ගණන් දුම්රිය මගීන් අසරණව බස් රථ හා විකල්ප ක්‍රම ඔස්සේ කාර්යාල නිමවීමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගියේ දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දෙමිනි.

    මෙම වැඩවර්ජනය ඇරඹෙන්නේ සේවයට වාර්තතාකිරීමට දුම්රිය සේවකයින්ට ඉන්ධන නොමැතිබව කියමිනි. පූර්ව දැනුවත් වීමකින් තොරව සිදුවූ මෙම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය සේවය ගැන විශ්වාසයකින් රැකියා සහ වෙනත් කටයුතු සඳහා නගර වෙත පැමිණි පිරිස් දැඩිව අවසරණ වන්නේ ලංගම හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවය විධිමත් ආකාරයට ධාවනය නොවන පසුබිමක් තුළදීය.

    අවසානයේදී දුම්රිය සේවකයින් සිය අවශ්‍යතාව ඉටුකර ගන්නේ ඔවුන්ගේ වාහන සඳහා දුම්රිය ධාවනයට ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිතවලින් ඉන්ධන ලබාදීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟනි.

    ඒත් සමඟ සුපුරුදු කාටසටහනට සවස් කාලයේ සිට දුම්රිය ධාවන කටයුතු ඇරඹියත් බොහෝ දුම්රිය ධාවනය වනු දැකිය හැකි වූයේ සැළකිය යුතු මගීන් පිරිසක් නොමැතිවය. බොහෝ දුම්රිය ධාවනය වූයේ එක පෙට්ටියත දෙතුන් දෙනෙක්වත් මගීන් නොමැතිවය. වෙනත් දිනවල මෙම දුම්රියන් ධාවනය වන්නේ පාපුවරුවේත් මගීන් එල්ලාගෙනය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img