තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරු දෙදෙනාව තුරුළු කරගෙන වැවට පැන්න මවත් මරුට

    දරු දෙදෙනාව තුරුළු කරගෙන වැවට පැන්න මවත් මරුට

    දරු දෙදනා සමඟ ඇඹිලිපිටිටියේ පිහිටි චන්ද්‍රිකා වැවට අද පෙරවරුවේ පැන සියදිවි හානිකරගත් මවගේ දිවි බේරා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂකයින් දැඩි වෙහෙසක් ගනු ලැබීය.

    දියේ ගිලී සිටි ඇයව සොයා ගොඩට ගෙනවිත් කැබ් රථයක දමාගෙන ඇඹිලිපිටිය රෝහලට රැගෙනයන තුරුම ඇගේ ජීවිතය බේරා ගැනීමට කෘතිම ස්වසනය දෙමින් කළ හැකි උපරිම උත්සහය ගනු ලැබීය. එහෙත් ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද සවස මිය ගියාය.

    ඇය 05 හැවරදි හා 11 හැවරදි පිරිමි දරුවන් දෙදෙනා සමඟ වැවට පැන ඇත්තේ සොරොව්ව අසලිනි. 05 හැවරදි දරුවා ගොඩගන්නා විටත් සිට ඇත්තේ දියේ ගිලීමෙන් මිය ගොසිනි. 11 හැවරදි දරුවා පිහිනා ගොඩබිමට ආසන්න ස්ථානයක එල්ලී සිටීම නිසා ඔහුගේ දිවි ගැලවී තිබුණි.

    ඒ අනුව එක් දරුවෙක් සහ මව ජීවිතක්ෂයට පත්විය.

    ඇය දරු දෙදෙනා සමඟ පැමිණ මෙම අපරාධයකරගෙන ඇත්තේ සූරියවැව සිට පැමිණය.

    ඇය විසින් සියදිවි හානිකර ගන්නා බවට ලිපියක්ද ලියා පැමිණ මෙම අපරාධයකරගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. යම් මානසික ආබාධයක් සඳහා ඇය දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන අතර එම ඹෟෂධ ශරීරයට ඉතා දුෂ්කර කාර්යක් නිසා මෙසේ සියදිවි හානිකර ගන්නා බව එම ලිපියෙහි සඳහන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    මෙම කාන්තාවගේ සැමියා ගව පාලනයේ නිරත ගොවියෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img