තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණයට සැකපිට හමුදාවේ 04ක් අත්අඩංගුවට

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මරණයට සැකපිට හමුදාවේ 04ක් අත්අඩංගුවට

    කන්දකාඩු හී පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී රැදවූවෙක් අභිරහස් ලෙස මරණයටපත්වීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සාමාජිකයන් සිව් දෙනෙක් වැලිකන්ද පොලීසිය අද සවස අත්අඩංගුවට ගත්තේය.

    යුද හමුදාවේ දෙදෙනක් සහ ගුවන් හමුදාවේ දෙදෙනෙක් එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සිව් දෙනා එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් ලෙස කටයුතු කරන අය බව සඳහන්ය.

    කන්දකාඩු හී පිහිටි මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පෙරේදා දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවන්නේ මෙම රැදවියාගේ මරණයත් සමඟිනි. එහිදී එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රදවා සිටි 600කට වැඩි පිරිසක් අවස්ථා දෙකකදී පළා ගියේය. මේ වන විට පළාගිය රැදවූවන්ගෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින්නේ රැදවූවන් 27 දෙනෙක් පමණි.

    අත්අඩංගුවට ගත් රැදවූවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂීත බන්ධනාගාරගතකර ඇති අතර ඔවුන් පොලීසියට ප්‍රකාශ දෙමින් සඳහන් කර ඇත්තේ මිය ගිය රැදවියාට උපදේශකයින් පහරදුන් බවත් ඔහුගේ මරණය සිදුවූයේ එම පහරදීමෙන් බවය.

    එම කරුණු සැළකිල්ලට ගෙන හමුදාවේ සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මරණයටපත්වූ එම රැදවියාගේ පවුලේ සාමාජිිකයින් කිහිප දෙනෙක් සහ මිතුරන් කිහිප දෙනෙක් අද සවස මියගොස් සිටින්නේ බුද්ධික රාජපක්ෂ බව හඳුනා ගනු ලැබීය. මෙයට පෙර පැවති හදුනා ගැනීමේදී මව සහ සහෝදරයා මළ සිරුර හදුනාගත්තේ නැත.

    ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරි දින කිහිපය ඇතුලත පැවැත්වීමට නියමිතය. එහිදී මරණයට හේතුව නිෂ්චිකවම තහුවරුකර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ අනුව අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img