fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහා පරිමාණ ධාන්‍ය වගාකරුවන්ට චීන ජනපතිගෙන් ලිපියක්

    මහා පරිමාණ ධාන්‍ය වගාකරුවන්ට චීන ජනපතිගෙන් ලිපියක්

    රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා දායක වීමට ගොවි ජනතාව වඩා දිරිමත් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.  මහා පරිමාණ ධාන්‍ය වගාකරුවන්ගේ ආදර්ශවත් කාර්යභාරයේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ, මහා පරිමාණ ප්‍රවීණ ධාන්‍ය වගාකරුවෙකු වන ෂූ චොංශියෑං (Xu Congxiang) මහතා  වෙත පිළිතුරු  ලිපියක් යවමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ෂූ මහතා  මෙවර විශාල තිරිඟු අස්වැන්නක් ලබා ගැනීමත්, ඔහුගේ මගපෙන්වීම යටතේ, ඔහුගේ පරම්පරාව කෘෂිකර්මාන්තයේ නියැලී සිටීමත්  ෂී ජින් පිං මහතාගේ පැසසුමට ලක්ව ඇත.

    මේ වනවිට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, ධාන්‍ය නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කර  ඇති බවද හෙතෙම සිය ලිපියේ සඳහන් කරයි.

    මහා පරිමාණ ධාන්‍ය වගාකරුවන්ට තමන්ට අනන්‍ය වූ ක්‍රමවේද මෙන්ම නවීන කෘෂිකාර්මික තාක්‍ෂණයන් භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහළ ධාන්‍ය නිෂ්පාදනය පුළුල් කළ හැකි වේ.

    එමගින් රටේ ආහාර සුරක්ෂිතතාවට දායක වීමට කුඩා පරිමාණ ගොවීන් දිරිගැන්විය හැකි  බව ද චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

    ප්‍රමාණවත් ආහාර සැපයුමක් ඇති විට ජනතාවට මනා සුරක්ෂිත හැඟීමක් දැනෙන නිසාම, තමා සෑමවිටම ධාන්‍ය නිෂ්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව ෂී ජින් පිං මහතා කියාසිටී.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.