තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන්න ලාංකික පිරිසක් අනිද්දා මෙරටට පිටුවහල් කෙරේ

    බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැන්න ලාංකික පිරිසක් අනිද්දා මෙරටට පිටුවහල් කෙරේ

    ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙක් රැගත් බහුදින යාත්‍රාවක් ඕස්ට්‍රේලියානු වෙරළ ආරක්ෂක බලකාය විසින් දින දෙකකට පෙර එරට මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    එම පිරිස ඕස්ට්‍රේලියාවට නීති විරෝධි ලෙස ඇතුළුවීමට උත්සහ දරමින් සිටි අනවසර සංක්‍රමණිකයන් පිරිසකි.

    එම පිරිස සිය භාරයට ගත් ඕස්ට්‍රේලියානු වෙරළ ආරක්ෂකයින් බහුදින යාත්‍රාව ගිනිතබා මුහුදුබත්කර තිබේ. අනතුරුව ශ්‍රී ලංකිකයන් පිරිස රැදවුම්කදවුරකට රැගෙන ගොස් ඇත.

    මෙම පිරිස ලබන 01 වෙනිදා එරටින් පිටුවහල් කිරීමට නියමිතව තිබේ. ඒ බව ඕස්ට්‍රේලියානු පොලීසිය මෙරටට නිල වශයෙන් දැනුම්දීමක්ද කර ඇත.

    මෙම මාසය තුළදීී පමණක් බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකිකයන් 79 දෙනෙක් එරටින් පිටුවහල්කර මෙරටට එවා තිබේ. ඒ ඉකුත් 09 වෙනිදා 15 දෙනෙක්, 18 වෙනිදා 41 දෙනෙක් සහ 20 වෙනිදා 23 දෙනෙක් වශයෙනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img