තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස්පෙළ විභාග ප්‍රතිඵල එනදවස

    උසස්පෙළ විභාග ප්‍රතිඵල එනදවස

    අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස්පෙළ (2021) විභාගයේ ප්‍රතිඵල ලබන මස අවසානයේදී හෝ අගෝස්තු මස ඇතුළත දී නිකුත් කිරීමට බළාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් එම්. ඩී ධර්මසේන මහතා පවසයි.

    එමෙන්ම 2021 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ හෙට (29) සිට ජුලි 09 දක්වා පැවැත්වෙන බවත් ඔහු අද(28) පැවැත්වු මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    මේ සඳහා අයදුම්කරුවන් 24950 පෙනී සිටින අතර පරීක්ෂණ මණ්ඩල 44 යටතේ 1540 කාර්ය මණ්ඩලයක් මේ සදහා සහභාගී වන බවත් මධ්‍යස්ථාන 44 පැමිණෙන දරුවන්ට හා කාර්යය මණ්ඩල සඳහා ලංගම බස්රථ මෙන්ම පෞද්ගලික බස්රථ සහය අපේක්ෂා කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    කෙසේ හෝ අභියෝග මැද මේ පරීක්ෂණයට එක්වන්න කියලා 25000 පමණ දරුවන්ට දැනුම් දෙන බවත් අදාල මධ්‍යස්ථානයට යාමට නොහැකි නම් පසුදා හෝ ගොස් ප්‍රධාන පරීක්ෂකතුමා හමුවී දිනය වෙනස් කරගන්නා ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.

    එමෙන්ම දිනකට එක් මධ්‍යස්ථානයක දරුවන් 60 සදහා පරීක්ෂණ පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img