fbpx
තවත්
    මුල් පිටුවspecialටෙක්සාස් ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි

    ටෙක්සාස් ඛේදවාචකයේ සුලමුල හෙළිවෙයි

    ඇමරිකාවේ ටෙක්සාස් හී අත්හැර දැමූ ලොරියකින් පුද්ගලයින් 46 දෙනෙකුගේ මලසිරුරු සොයා ගැනීමට එරට පොලිසියට හැකිවී තිබේ.

    මෙලෙස මරණයට පත්වූ පිරිස මෙක්සිකෝවේ සිට නීති විරෝධීව ඇමරිකාවට ඇතුළු වීමට උත්සහ කළ සරණාගතයින්ගේ බවට තහවුරු කරගෙන ඇති බවද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

    මෙක්සිකොවේ සැන් ඇන්ටෝනියෝ හී පාළු දුම්රිය මාර්ගයක් අසල අත්හැරදමා ගෙස් තිබියදී මෙම ලොරිය සොයාගෙන ඇති අතර එය පරීක්ෂා කළ ආරක්ෂක අංශ සහ ගිනි නිවන හමුදා සාමාජිකයින් විසින් සිහි සුන්ව සිටි හය දෙනෙකු රෝහල් ගත කිරීටමද පියවරගෙන තිබේ.

    මෙලෙස රෝහල් ගත පිරිස අතරේ කුඩා දරුවන් සිව් දෙනෙකුද සිට ඇති බවට සැන් ඇන්ටෝනියෝ හී බලධාරීන් සඳහන් කරයි. රෝහල් ගත කළ හය දෙනාමට අධික උණුසුමට හසුවීමෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුව ඇති බවද වාර්තාවේ.

    මේ අතර මරණයට පත්වූ පිරිසට ලොරි රථය තුල පැවති අධීක උණුසුම හේතුවෙන් මරණයට පත්ව ඇති බවට සැක කරන බවද බලධාරින් පවසයි.

    ටෙක්සාස් හී මේ දිනවල අධීක උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින අතර පසුගිය දින වල සෙල්සියන් අංශක 40කට ආසන්න උණුසුමක් පැවති බවට වාර්තාවේ.

    එවැනි අධීක උණුසුම් තත්ත්වයක් තුල ශීත කළ ආහාර ප්‍රවාහනයට යොදාගත් එම ලොරි රථයෙක් වායුසමනය කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක නොකර මිනිසුන් ප්‍රවාහනය කර ඇති බවටද අනාවරණය වී ඇත. ඒ අනුව මෙම පිරිස විශාල කාලයක් අධීක උණුසුමට මුහුණ දීමෙන් ඇති වූ බලපෑම් මත මෙලෙස මරණයට පත්ව තිබේ.

    මෙක්සිකොවේ සිට නීති විරෝධී සංක්‍රමණිකයින් විශාල වශයෙන් ඇමරිකාවට ඇතුළු වන අතර එහිදී ජාවාරම්කරුවන් අතාමත් අවධානම්කාරී ලෙස ඔවුන් ප්‍රවාහනය කිරීමට සිදුකරයි. මීට පෙර 2017 වර්ෂයේදීම මෙලෙස ප්‍රවාහනය කළ සංක්‍රමණිකයින් 10 දෙනෙකු මරණයට පත්විය.

    ඇමරිකානු බලධාරීන් කෙතරම් උත්සහ කළද නීතිවිරෝධී සංක්‍රමණිකයින් පාලනය කිරීම දැඩි අභියෝගයක් වී තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.