fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පංසල්, පල්ලි, කෝවිල්වලට අයත් හෙක්ටයාර් 250,000ක භූමියක වගා සංග්‍රාමයක්

    පංසල්, පල්ලි, කෝවිල්වලට අයත් හෙක්ටයාර් 250,000ක භූමියක වගා සංග්‍රාමයක්

    ආගමික ස්ථානවලට අයත් ඉඩම් හෙක්ටයාර් 250,000ක භූමියක ආහාර බෝග වගා කිරීමේ වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    එක්ව වවමු – රට දිනවමු’ – ආහාර බෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමය – 2022 ලෙස එය නම්කර ඇත.

    ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    දැනට රට තුළ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවට කඩිනම් විසඳුමක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ සම්බන්ධ වෙමින් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල දායකත්වය සහිතව දිවයින පුරා විධිමත් හා කඩිනම් ආහාර බෝග නිෂ්පාදන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    සමස්ත වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල තාක්ෂණික දායකත්වය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය මත සිදු කිරීමට නියමිතය.

    විශේෂයෙන්ම, බෞද්ධ විහාරස්ථාන හා පූජාභූමි, ක්‍රිස්තියානි පල්ලි, මුස්ලිම් පල්ලි සහ හින්දු කෝවිල් සතු වගා කළ හැකි ආසන්න වශයෙන් හෙක්ටයාර 250,000ක පමණ ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගනිමින් ‘එක්ව වවමු – රට දිනවමු’ – ආහාර බෝග නිෂ්පාදන ජාතික සංග්‍රාමය – 2022’ නමින් එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා, කෘෂිකර්ම අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.