fbpx
තවත්
    මුල් පිටුවspecialවිද්‍යාව පොත අලුත් කළ අලුත්ම බැක්ටීරියාව

    විද්‍යාව පොත අලුත් කළ අලුත්ම බැක්ටීරියාව

    ක්ෂුද්‍ර ජීවින් කියු සැනින් අපේ හිතට නැගෙන්නේ බැක්ටීරියා, ඇතැම් ඇල්ගී, ඇතැම් දිලීර විශේෂ, ඇමීබා හා පැරමීසියම් වැනි ප්‍රොටොසෝවාවන්ය.
    බොහෝවිට මෙම ජීවින් තනි සෛලික ජීවින් වන ඔවුන් පියවි ඇසට දැක ගැනීමට නොහැකි ජීවින් කොට්ඨාශයයි.
    එහෙත් මෙතක් ඒක සෛලික ජීවින් සම්බන්ධයෙන් විද්‍යාඥයින් දරූ මතය උඩියටිකුරු කිරීමට සමත් සොයා ගැනීමක් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්වී තිබේ.

    තියෝමාගරීටා මැග්නිෆිකා

    ඒ අනුව ලොව ප්‍රථම වරට පියවි ඇසට දැක ගැනීමට හැකි බැක්ටීරියාවක් සොයා ගැනීමට විද්‍යාඥයින් දෙදෙනෙකු හැකියාව ලැබී තිබෙනවා.

    තියෝමාගරීටා මැග්නිෆිකා යනුවෙන් එනම් විශිෂ්ඨ සල්ෆර් මුතු ඇටයෙ ලෙස නම් කර ඇති මෙම නව බැක්ටීරියාව සුදු පැහැති නූල් කැබැල්ක ලෙසින් දිස්වෙන මිනිස් ඇහි පිහාටුවක ප්‍රමාණයකින් යුක්තය. එම බැක්ටීරියාව සෙන්ටිමීටර් 0.9 පමණ දිගින් යුක්තය.

    ජීව විද්‍යාත්මක වශයෙන් ලොව උඩුයටිකුරු කරන මෙම සොයා ගැනීම කර ඇත්තේ ලෝරන්ස් බර්ක්ලී ජාතික විද්‍යාගාරයේ සාගර ජීව විද්‍යාඥයකු වන ජේන්-මරී වොලන්ඩ් සහ ෆ්‍රෙන්ච් වෙස්ට් ඉන්ඩීස් ඇන් ගියානා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥයෙකු වන ඔලිවර් ග්රෝ විසිනි.

    මෙම විද්‍යාඥයින් දෙදනා විසින් තම සොයා ගැනීම සම්බන්ධනේ සකස් කළ පර්යේෂණ ලිපියක් පසුගියදා විද්‍යා සඟරාවක පළකිරීමටද පියවර ගත් අතර ඒත් සමඟම මෙම නව බැක්ටිරීයාව සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුවිය.

    බැක්ටීරියාව සොයාගත් කඩොලාන සහිත වගුරු බිම් ප්‍රදේශය

    අදාල බැක්ටීරියාව සොයා ගැනීමේ මූලාරම්භය සිදුවන්නේ 2009 වර්ෂයේදීය. එය ප්‍රථමයෙන් ඔලිවර් ග්රෝ විසින් ග්වාඩලූප් දූපත් සමූහයෙන් පිහිටි ජලයට මත ගිලී තිබූ කඩොලාන ශක පත්‍ර මත සිටියදී සොයා ගනු ලබනවා. බැක්ටීරියා දුටු මුල් අවස්ථාවේදී ග්රෝ එය බැක්ටීරියාවක් යැයි කිසිම අයුරකින් උපකල්පනය කර නොමැති. ඊට හේතුව වී ඇත්තෙ මෙතක් ලොව කිසිඳු ස්ථානයකින් පියවි ඇසට දැක ගැනීමට හැකියාව පවතින බැක්ටීරියාවක් සම්බන්ධ වාර්තා නොවීමයි.

    ග්රෝ විසින් දුටු මෙම නව ජීවී කොට්ඨාශය සම්බන්ධයෙන් වොලන්ගේ සහයද ඇතිව දීර්ඝ වශයෙන් ජාන පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව එය ඒක ශෛලී ජීවියකු බවට තහවුරු කරගැනීමට සමත්ව තිබෙනවා.

    වසර ගණනාවක පුරාවට ග්වාඩලූප් දූපත් සමූහයේ පිහිටි කඩොලාන ආශ්‍රීතව පර්යේෂණ කළ ග්රෝ හට මෙම නව බැක්ටීරියාව බෙල්ලන්ගේ කටු මත, ගල්, පරිසරයට මුසුව තිබූ වීදුරු මත වර්ධනය වී ඇති ආකාරය දැක ගැනීමට හැකියාව තිබෙනවා.

    කෙසේ වෙතත් විද්‍යාඥයින් හට මෙතෙක් මෙම බැක්ටීරියාව විද්‍යාගාරයක් තුල වර්ධනය කිරීමට නොහැකි වී වී තිබීම විශේෂත්වයක්.

    විද්‍යාඥයින් පවසන අන්දම මෙම බැක්ටීරියාවේ සෛල ව්‍යුහය සාමන්‍ය සෛලයකට වඩා වෙනස්ය. ඒ අනුව සෛලය තුල විශාල රික්තයක් පවතින අතර එමගින් සෛලයේ ක්‍රියාත්වය සිදුකිරීමට ඉඩ සලසයි. ඒ හේතුවෙන් මෙම ක්‍රියාකරිත්ව එක්තරා පරිසර තත්ත්වයක පමණක් සිදුවන බවද පරියේෂකයින් පෙන්වා දෙයි.

    බැක්ටීරියාව කාසියක් සමඟ

    බැක්ටීරියාව සොයාගත් පරියේෂකයින් හට තවමත් මෙම ඒක සෛලික ජිවියා මෙතරම් විශාල වීමේ හේතුව සොයා ගැනීමට හැකිවී නොමැත. එහෙත් මේ සම්බන්ධයෙන් වොලන්ට තම මතය ලෙස ඉදිරිපත් කර ඇත්තේ අනෙකුත් ජීවීන්ගේ ගොදුරක් බවට පත්වීමෙන් වැලකීමට මෙලෙස එම බැක්ටීරියාව විශාල වී ඇති බවයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාඥයින් පර්යේෂණ පවත්වන අතර එය ජීව විද්‍යාත්මක වශයෙන් නව මානයක් විවෘත කිරීමක් බවටයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.