තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන යන්නෙ නෑ - අධිවේගයේ ආදායම අඩකින් බහී

    වාහන යන්නෙ නෑ – අධිවේගයේ ආදායම අඩකින් බහී

    අධිවේගී මාර්ග පද්ධතියෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන 15-16ක් තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් (නඩත්තු හා කළමනාකරණ) නිහාල් ලොඩිවික් ප්‍රකාශ කරයි.

    ඔහු පවසන්නේ ඉන්ධන හිඟය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීම ආදායම අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව බවයි.

    දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කොළඹ කටුනායක මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ග පද්ධතියන්හි  වාහන ධාවනය ඉන්ධන අර්බුදයට පෙර දිනකට 102,000 දක්වා ධාවනය වුවත් මේ වන විට වාහන 55,000 ත් 60,000 අතර ධාවනය වන බව සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය සියයට 53ක් බවත් ඉන්ධන අර්බුදයට පෙර අධිවේගී මාර්ග පද්ධතියෙන් දෛනිකව ලද ආදායම සාමාන්‍යයෙන් රුපියල් මිලියන 28ක් පමණ වූ බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img