තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ගැන විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව දෙයි

    ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ගැන විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව දෙයි

    මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පසුගියදා (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    ඒ එම කාරක සභාවේ සභාපතිත්වය දරන, පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

    මිශ්‍ර මැතිවරණ ක්‍රමයකට, කාන්තා- තරුණ නියෝජනය ශක්තිමත් කිරීමට, පූර්ව ඡන්දය, විද්‍යුත් ඡන්දයට, මැතිවරණ කාලය අඩු කිරීමට, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම වැළැක්වීමට, දේශපාලන පක්ෂ පිළිගැනීමට නව යෝජනා ඇතුළු නිර්දේශ රැසක් ඊට ඇතුළත්ය.

    පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් නිරීක්ෂණ 25ක් හා නිර්දේශ 15ක් මෙම වාර්තාවට ඇතුළත් වී තිබේ.

    පහත දැක්වෙන්නේ, එම වාර්තාවයි.

    Sinhala.Electoral Reforms Sinhala Report to be sent Govt. Printer PS 175

    අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි ඇති නිර්දේශ සම්බන්ධයෙන් සභාපතිවරයා දැක්වූ කරුණු ඉදිරිපත් කිරීම පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img