fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකයන් වැඩිකරගැනීමට චීනයේ සහාය

    බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකයන් වැඩිකරගැනීමට චීනයේ සහාය

    චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් වැඩි කරගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

    ඔහු පවසන්නේ, වසර 16 කට පෙර ස්ථාපිත වූ බ්‍රික්ස් සංවිධානය වර්තමානය වනවිට සාධනීය සංවර්ධන ප්‍රවණතාවක පවතින බවයි. එසේම, එමගින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩ ව ප්‍රශස්ත අයුරින් සිදු කර තිබේ.

    ජගත් ප්‍රජාව සඳහා වන සක්‍රිය, ස්ථාවර හා සංවර්ධනාත්මක බලවේගයක් බවට පත් ව ඇති බ්‍රික්ස් සංවිධානයේ  බලපෑම සහ ආකර්ෂණීය භාවය නොකඩවා ම ඉහළ ගොස් ඇත.

    බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් පුළුල් කරගැනීම පිළිබඳ සාකච්ඡා චීනය ඉදිරියට මෙහෙයවනු ඇත. එකී සාකච්ඡාවන්ට අනුව, සාමාජික රටවල් වැඩි කරගැනීමේ ප්‍රමිතීන් හා ක්‍රියාවලින් සකස් කෙරේ.

    සුහද හවුල්කරුවන් වැඩි පිරිසක්  බ්‍රික්ස් සංවිධානයට එක්වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කරයි.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.