තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනතාවට සුවදායක ජීවිතයක් දිය හැක්කේ සංවර්ධනය තුළින් පමණයි"- චීන ජනපති

    “ජනතාවට සුවදායක ජීවිතයක් දිය හැක්කේ සංවර්ධනය තුළින් පමණයි”- චීන ජනපති

    ගෝලීය සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) බෙයිජිංහිදී ඇරඹිණ. සංවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

    තමා ගොවියෙකු ලෙස කටයුතු කළ යුගයේ මුහුණ පෑ සිදුවීම් හා අත්දැකීම් චීන ජනාධිපතිවරයා එහිදී විග්‍රහ කළේ ය.

    හෙතෙම පවසන්නේ, ගතවූ කාලයේ චීනයේ විවිධ නගරවලට හා ගම්මානවලට ගිය තමා එහි ජනතාවගේ දුක සැප මෙන්ම දිවි පැවැත්ම පිළිබඳ විමසා බැලූ බවයි.

    එමෙන් ම, ලොව බොහෝ රටවල නිල සංචාරයන් හි නිරත ව ඇති තමා ජනතාවට සුවදායක ජීවිතයක් මෙන්ම සුසංගත සමාජයක් සාක්ෂාත් කර ගත හැක්කේ සංවර්ධනය තුළින් පමණකැයි එම ජනතා අත්දැකීම්වලින් ප්‍රත්‍යක්ෂ කර ගත් බවද ෂී ජින් පිං මහතා පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img