fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලිස්ට් එකේ නම නැත්නම් කෝල් එකක් දෙන්න

    ලිස්ට් එකේ නම නැත්නම් කෝල් එකක් දෙන්න

    ඡන්ද හිමි නාමලේඛනයේ නම සටහන් වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් ලබන මස 12 වැනි දිනට පෙර 0112 86 00 31 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරන්නේ http://WWW.ELECTIONS.GOV.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඒ සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලබාගන්නා ලෙසයි.

    මෙම වසරට ඡන්ද හිමි නාමලේඛනය ඉකුත් 15 වැනිදා සිට ලබන මස 12 වැනිදා දක්වා සියලුම ග්‍රාම නිලධාරී කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    එබැවින් එබැවින් ඡන්ද හිමි නාමලේඛනයේ සිය නම තිබේදැයි විමසා බැලීමක් සිදුකර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.