fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය අයට අද තෙල් ලැබුණද? - එන්න තිබූ නැවට වෙච්ච දේ..

    සෞඛ්‍ය අයට අද තෙල් ලැබුණද? – එන්න තිබූ නැවට වෙච්ච දේ..

    සෞඛ්‍ය සේවා සඳහා අද ඉන්ධන පිරවුම්හල් 85ක් වෙන් කර තිබූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ පෙට්‍රල් ලීටර් 6600 සහ ඩීසල් ලීටර් 6600 බැගින් බෙදා හැර ඇති බවත් ඒ පිළිබදව ඛනිජ තෙල් සංස්ථාව මගින් පිරවුම්හල් හිමිකරුවන්ට දැනුම් දී ඇති බවත් ය.

    අද දින බෙදාහැරිය හැකි ප්‍රමාණයන් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන්ට ද දැනුම් දී තිබු බවද අමාත්‍යවරයා පවසයි.

    කෙසේ වෙතත් අද දිනයේදී පිරවුම්හල් ගණනාවක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල රැස්වී සිටි අතර ඉන්ධන නොමැති බව පවසමින් විරෝධතාවල ද නිරත විය.

    ඊයේ පැමිණීමට නියමිත පෙට්‍රල් නැව ප්‍රමාද වන අතර අද පැමිණෙන බව සැපයුම්කරු විසින් CPC වෙත දන්වා තිබූ බව අමාත්‍යවරයා කීය.

    එසේ වුවද අද දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව තිබු පෙට්ට්‍රල් නෞකාවේ පැමිණීම තවදුරටත් පමාවන බවට අදාළ සැපයුම්කරු විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටි.

    ඒ අනුව CPC වෙත තවදුරටත් එහි ප්‍රමාදයක් දන්වා ඇති අතර පැමිණීමේ දිනයක් පිළිබදව  පසුව තහවුරු කරන බවද අමාත්‍යවරයා කියා සිටියි.

    එමෙන්ම එම ප්‍රමාදය පිළිබඳව කනගාටුව පළ කරන බවද අමාත්‍යවරයා දැනුම් දෙයි.

    අද දින සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට වෙන් කරන ලද, අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබූ පිරවුම්හල් ලැයිස්තුව පහත දක්වා ඇත.



    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.