fbpx
තවත්
    මුල් පිටුවspecialවානේවලටත් වඩා ශක්තිමත් මකුළුදැල්, එළුකිරිවලින් නිපදවයි

    වානේවලටත් වඩා ශක්තිමත් මකුළුදැල්, එළුකිරිවලින් නිපදවයි

    දශක කිහිපයක් තිස්සේ මකුළුවාගේ දැල් විවීමේ හැකියාව සහ එහි ඇති ශක්තිමත් භාවය පිළිබඳව බොහෝ විද්වතුන් විසින් විවිධාකාරයේ පර්යේෂණ සිදු කරන ලදී. මෙම විද්වතුන්ට අනුව, හිසකෙස් ගසක ඝණකම මෙන් දහයෙන් පංගුවක් පමණ වන මෙම මකුළු දැලකට (Spider Silk), පැයට සැතපුම් 20ක පමණ වේගයකින් පැමිණෙන මීමැස්සන් වැනි සතුන් හසුකර ගැනීමට තරම් ශක්තියක් පැවතීම පුදුම සහගතය. එමෙන්ම, අවුන්සයක බර ගැන සැලකීමේදී, මකුළු දැල් අවුන්සයක් වානේ අවුන්සයකට වඩා පස් ගුණයකින් ශක්තිමත් බවට තොරතුරු වාර්තා වේ. තවද, මෙය මින් පෙර ලෝ ප්‍රකට DuPont ආයතනය විසින් නිර්මාණය කළ, වෙඩි නොවදින ඇඳුම් (Bulletproof Vests), රේස් පදින මෝටර්රථ වල ටයර් සඳහා වානේ වෙනුවට භාවිතා කරන, ඉතා ශක්තිමත් කෙඳි වර්ගයක් වන Kevlar මෙන් තුන් ගුණයක් පමණ ශක්තිමත් බවද වාර්තා වේ.

    නමුත් මෙම මකුළු දැල්, වාණිජමය වශයෙන් භාවිතා කිරීමට ලබාගැනීමේදී විද්‍යාඥයින්හට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවී ඇත. එනම්, පටපනුවන්ගෙන් සේද (Silk) ලබාගැනීම මෙන් මෙය පහසුවෙන් සිදු කළ නොහැකි වීමයි. එයට හේතුව, මාංශ භක්ෂක සත්ව කොට්ඨාශයක් වන මකුළුවන් එකළඟ තැබුවහොත්, එකිනෙකා ආහාරයට ගැනීමට පෙළඹෙන බැවිනි. මෙය හරියටම කොටියන් ඇතිකිරීමකට සමාන බව, මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන Nexia Biotechnologies, Inc. ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, ජෙෆ්රි ටර්නර් විසින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

    ටර්නර්ගේ කණ්ඩායම, U.S. Army’s Soldier Biological Chemical Command (SBCCOM) ආයතනය සමග එක්ව කරන ලද පර්යේෂණයකින්, මකුළුවන්ගේ මෙම දැල් විවීම සඳහා උපකාරී වන ප්‍රෝටීනය, එළුවන්ගේ ජානවලට මිශ්‍රකර, එම එළුවන්ගන් ලබාගන්නා කිරි වලින්, කිසිදු මකුළුවකුගේ සහභාගීත්වයකින් තොරව, මකුළු දැලට සෑම අතින්ම සමානව Spider Silk නිපදවා ඇත.

    මෙම කෙඳි විශේෂය, ශක්තිමත් භාවය සහ ආතතිය දැරීමේ හැකියාව සම්බන්ධයෙන් සෑම අතින්ම මකුළු දැල් වලට සමාන බව පැවසේ. Suspension Bridges සහ වෙඩි නොවදින ඇඳුම් සැකසීම සඳහා මෙම කෘතීම Spider Silk, නුදුරු අනාගතයේදීම භාවිතයට ගැනෙනු ඇතැයි බොහෝ වියතුන් විසින් දැනටමත් අනාවැකි පලකර ඇත.

     

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.