තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහනේ අංකෙ අනුව තෙල් ගන්න ක්‍රමය රජය ප්‍රකාශයට පත්කරයි

    වාහනේ අංකෙ අනුව තෙල් ගන්න ක්‍රමය රජය ප්‍රකාශයට පත්කරයි

    සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    මෙම ක්‍රමවේදයට අනුව සතියේ දින හත තුළ අදාළ අංකය හිමි වාහනයට ඉන්ධන ලබාගත හැකියාව පවතී.

    ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ලෙස දින වෙන්කර ඇත.

    මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img