තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'අඹ ශානා' ඝාතනයට මැනිං වෙළඳපොලේ ආරක්ෂක කළමනාකරු කොටු

    ‘අඹ ශානා’ ඝාතනයට මැනිං වෙළඳපොලේ ආරක්ෂක කළමනාකරු කොටු

    මැනිං වෙළඳ පොලේ දී එහි ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටි කෙසෙල්වත්තේ අඹ ශානාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.

    ඒ අතර මැනිං වෙළඳ පොලේ ආරක්ෂක කළමනාකරු ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය එදින පැයකට වැඩි කාලයක් ආරක්ෂක කළමනාකරුගේ නිවසේ නතරකර තිබී ඇති බව විමර්ශන වලින් හෙළිවීමත් සමඟ ඔහුව පොලිස් භාරයට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    වෙඩික්කරු පැදවූ මෝටර් රථයේ රියදුරු බව කියන පුද්ගලයාවද පොලීසිය මේ වන විට හඳුනාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img