තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නෙදර්ලන්තයෙන් ආ ඇඳඇතිරිලි අස්සෙන් කෝටි 13ක මත්පෙති මතුවේ

    නෙදර්ලන්තයෙන් ආ ඇඳඇතිරිලි අස්සෙන් කෝටි 13ක මත්පෙති මතුවේ

    නෙදර්ලන්තයේ සිට මෙරටට ගුවන් තැපෑලෙන් ලද ඇඳ ඇතිරිලා පාර්සලයක් තුළ ඉතා සූක්ෂම ලෙස සැඟවා තිබුණු රුපියල් කෝටි 13කට අධික වටානාකමක් ඇති මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද සොයාගත්තේය.

    එම පාර්සලය තුළ මත්පෙති 13,640ක් තිබී ඇත.

    මෙම පාර්සලය මාස කිහිපයකට පෙර මද්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබී ඇති අතර එහි ලිපිනය ගැන සැකයක් ඇති වීම හේතුවෙන් මෙතෙක් කලක් රේගු නිලධාරීන් එය සිය භාරයේ තබාගෙන තිබී ඇත්තේ හිමිකරු පැමිණි පසු ඔහු ඉදිරියේ පරීක්ෂා කිරීමටය.

    එම පාර්සලය ලබාගැනීමට පැමිණෙන ලෙස අදාල ලිපිනයට දැනුම් දුන්නද එය ව්‍යාජ ලිපිනයක් බව පරීක්ෂා කිරීමේදී තහවුරු වූ බව රේගු නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙසේ ව්‍යාජ ලිපිනයන් ඔස්සේ ලැබෙන පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒවා තුළ මෙවන් මත්ද්‍රව්‍ය දිගින් දිගටම හසුවී තිබෙන බවත් නෙදර්ලන්තයෙන් පැමිණි පාර්සල් රැසකම පසුගිය දිනවලදී මත්පෙති හමුවී තිබෙන බවත් එම රේගු නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම පාර්සලය රැගෙන යාමට පැමිණ නැත්තේ එය රේගු නිලධාරීන්ගේ අධික්ෂණයට ලක්ව ඇති බව ඡාවාරම්කරුවන් දැනගෙන ඇති නිසා බව රේගුව සැකකරයි.

    වැඩි දුර විමර්ශන සඳහා මත්පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img