fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සිකුරාදා ඉන්ධන ගන්න පුළුවන් පිරවුම්හල් මෙන්න..

    සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සිකුරාදා ඉන්ධන ගන්න පුළුවන් පිරවුම්හල් මෙන්න..

    සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා සිකුරාදා දිනයේ සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

    එක් දිස්ත්‍රික්කයකින් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලින් සෞඛය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉන්ධන පිරවුම්හල් 09 ක් ද ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉන්ධන පිරවුම්හල් 06 ක් ද මේ වන විට සෞඛ්‍යය කාර්ය මණ්ඩල වෙනුවෙන් ඉන්ධන ලබා දීමට තෝරා ගෙන තිබේ.

    මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය ද අවශ්‍ය බවද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.