fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙයි

    විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙයි

    ජනතා ගැටලුවලට විසඳුම් නොදී ආණ්ඩුව ජනතාව රවටමින් සිටින නිසා, ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ඉදිරිපත් කරන තුරු සතියක කාලයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විරුද්ධ පක්ෂ අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ, සමගි ජන බලවේගය, සමගි ජන බල සන්ධානය, අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සතියක කාලයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව ප්‍රකාශ කළ අතර දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේශන්, අතුරලියේ රතන, වඩුවෙල් සුරේෂ් ඇතුළු විපක්ෂ හා ස්වාධීන මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ ඊට සහය පළ කරමින් කතා කළහ.

    විමල් විරවංශ මහතා කතා කිරීමට පෙර නිමල් ලන්සා මහතා අදහස් පළ කළ අතර සර්ව පාක්ෂිත ආණ්ඩුවකට කලින් කළ යෝජනාවකට කිසිවෙකුවත් සහය නොදුන් බව හෙතම කියා සිටියේය. අනතුරුව කතා කළ විමල් වීරවංශ මහතා අගමැතිවරයා පත් කිරීමට හොරෙන් ගොස් ජනාධිපති හමුවූ අය යැයි නිමල් ලන්සා මහතාට චෝදනා කිරීමත් සමඟ මත ගැටුමක් ඇතිවිය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.