fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ප්‍රමිතිකරණය සහ ආගමික සහතික කරණය

    ප්‍රමිතිකරණය සහ ආගමික සහතික කරණය

    යම්කිසි නිෂ්පාදනයක ප්‍රමිතියකට අනුකූල බව පාරිභෝගිකයාට දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය කාරණාවකි. ප්‍රමිතිකරණ ආකාර දෙකකි එකක් භාණ්ඩ හා සේවා ප්‍රමිතිකරණය, සහ පද්ධති සහතිකකරණය. අපි දන්නා ISO 9001, ISO GMP, GAP වැනි පද්ධති සහතිකකරණය තරගකාරි වෙළඳපොළ තුල බෙහෙවින් භාවිතා වේ. සමහර නිෂ්පාදනයට අදාළ පිරිවිතරයන්ට අනුකූල විය යුතු අතර, නිෂ්පාදනයේ භාවිතයේ යෝග්‍යතාවය ඊට අදාල වූ ප්‍රමිති ලාංඡනය මගින් පාරිභෝගිකයාට සන්නිවේදනය කෙරේ. සමහර නිශ්පාදනවලට අත්‍යාවශ්‍ය කාරණය ලෙස අදාල ප්‍රමිතියකට ප්‍රමිති ලාංඡනයක් ලබා තිබීම අනිවාර්යය වේ. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයක ප්‍රමිතිය සඳහා වූ ලාංඡනය වන්නේ SLS ලාංඡනය යි. එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ලබා දෙනු ලැබේ. ඒ පිළිබඳව වගකීම දරන්නේ ප්‍රමිති ආයතනය විසිනි. පිළිගත් ප්‍රමිතියක් සෑදෙනුයේ පාරිභෝගිකයාත්, කර්මාන්තකරුවාත් යන දෙපාර්ශවයේ ම යහ පැවැත්ම සඳහාය. ප්‍රමිතයක් නීතිගත වීමට පෙර එය කෙටුම්පත් කමිටු, ආංශික කමිටු සහ මහා මණ්ඩල යන අවස්ථා තුනකින් අනුමත විය යුතුය. මෙහිදී ප්‍රාමාණික උගතුන්, කර්මාන්තකරුවන්, විවිධාකාර නීතිගත ආයතනවල නිලධාරීන් ගෙන් සමන්විත කමිටු වලින් සකසා අනුමත කර ඇත. සමහර ප්‍රමිති අන්තර්ජාතික සංවිධාන වලින් සකසා ලොව පුරා ම එක සේ පිළිගැනීමට ලක්වන ක්‍රමවේදයක් වන අතර සමහර ප්‍රමිති දේශීය සකසා භාවිතා කරනු ලැබේ. භාණ්ඩ ප්‍රමිතිකරණය මගින් පාරිභෝගිකයාට භාණ්ඩය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන අතර, පද්ධති ප්‍රමිතිකරණයේ දී, පාරිභෝගිකයන් ආකර්ශනය කර ගත හැකි අතර ආයතනයේ ක්‍රමවේදය වඩාත් සුමට කර ගත හැකි වනවා.

    එහෙත් සමහර පද්ධති සහතිකකරණයන් ආගමික මුහුණුවර ගත් ජන කොට්ඨාස සහ සංවිධාන විසින් සිදු කරනු ලැබේ. එය බොහෝ දුරට යම් ඔවුන්ගේ විශ්වාසයක් මත සහ ඔවුන්ගේ වෙළෙඳපොළ ඉල්ලුම පරදුවට තබමින් ඔවුන්ගේ මතවාදය ප්‍රචලිත කිරීමට යොදා ගන්නා ක්‍රම වේදයකි. උදාහරණයක් ලෙස ඉස්ලාම් භක්තික මුස්ලිම් ජනවර්ගය විසින් හලාල් (halal) සහතිකකරණය, යුදෙව් ජනවර්ගය විසින් කොෂර් (kosher) සහතිකකරණය දැක්විය හැක. ඔවුන්ගේ ආගමික විශ්වාස පදනම්ව ආහාරයට ගත යුතු දේවල් පිළිබඳ යම් විශ්වාස සහ මත වාද පවතී. හලාල් ක්‍රමයේදී ආගමානුකූලව මරණ ලද සතුන් පමණක් ආහාරයට ගත යුතු අතර එසේ නොවන අවස්ථාවලදී එය හරාම් හෙවත් ආගමානුකූල නොවන ආහාරයක් බවට අල්-කුර්ආනයේ සඳහන්ව ඇත. එමෙන්ම කුර සහිත වමාරා බුදින සතුන් පමණක් අල්-කුරානයට අනුව ඔවුන්ට ආහාරයට ගත හැක. එනම් ගවයන්, එළුවන්, වැනි සතුන් ආගමානුකූලව ඝාතනය කොට ඔවුන්ට ආහාරයට ගත හැක. යුදෙව්වන්ද ඔවුන්ගේ ආගමානුකූලව එම කාණ්ඩයේ සතුන් මරා ආහාරයට ගත හැක. මීට වසර විස්සකට තිහකට පමණ පෙර හලාල් සලකුණ ලංකාවේ භාවිතා කලේ කුකුළු මස් පැකට්ටු වල පමණි. නමුත් අද වන විට ආහාරයට නොගන්නා විවිධාකාරයේ නිෂ්පාදන වල ද හලාල් සලකුණ භාවිතා කරනු ලැබේ. මෙය මූලික සිද්ධාන්ත වලින් බැහැරව යෑමකි.

    එහෙත් කොෂර් සහතිකකරණය ඉතාමත් සංවිධානාත්මක සහ සංකීර්ණ ක්‍රමවේදයට අනුව සැකසී ඇත. ක්‍රිස්තු වර්ෂ 1935 දී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ රසායනඥයෙකු වූ ඒබ්‍රහම් ගෝල්ඩ්ස්ටයින් (Abraham Goldstein) විසින් කොෂර් ක්‍රමවේදය යුදෙව් නීතිය අනුව හදුන්වා දෙනු ලැබීය. මේ වූ වර්ෂෙය වර්ෂ 1968 දී රබ්බි ලෙවි (Rabbi Levy) නැමැති ව්‍යවසායකයා විසින් ලොව පුරා ප්‍රචලිත කරන ලදී. ඔහු විසින් සාම්ප්‍රදායිකව තිබූ ආහාර සහතිකකරණයට නවමු මුහුණුවරක් ලබා දුන්නේ ය. එනම් මෙම දශක තුන තුළ ආහාර කර්මාන්තයේ භාවිතා කරන විවිධාකාර ආකලන ද්‍රව්‍ය (additives) තම සහතික කරණය තුල එක් කිරීමයි. මෙම වකවානුව වන විට ආහාර පරිරක්ෂක ද්‍රව්‍ය, රසකාරක වැනි ආකලන යෙදීම කර්මාන්තය තුළ නව ප්‍රවණතාවයක් වෙමින් පැවතින. මෙහි විශේෂත්වය වන්නේ ආහාරවලට සුළුවෙන් යොදන ascorbic අම්ලය සහ MSG වැනි ආකලන ද්‍රව්‍ය පවා සහතිකකරණය තුල සලකා බැලීමයි. මෙම ක්‍රමවේදයේ දී ස්ථානීය පරික්ෂාවන් (on-site supervision) සිදු කරන අතර ඒ සඳහා මනාව පුහුණු වූ සුපරීක්ෂක යින් ඔවුන් සතුව ඇත. මෙම ක්‍රමවේදය අනුකූල ව යමින් ඉස්ලාම් භක්තිකයන් හලාල් සහතිකකරණය මුලින්ම මස් මාංශ නිෂ්පාදන සඳහා වර්ෂ 1970 දී පමණ බටහිර රටවල අරඹන ලදී. මෙම දශකයේ දී බටහිර රටවලට සංක්‍රමණය වූ ඉස්ලාමික භක්තිකයන් මුලින්ම යුදෙව්වන් විසින් පවත්වාගෙන ගිය මස් මාංශ වෙළඳසැල්වලින් මිලදී ගත්තද, පසුව මුඛ සහ කුර රෝගය සහ පිස්සු ගව රෝගය වැනි හේතූන් මත සහතිකකරණයකට යොමුවී ඇත. කාලයත් සමග අධික සංක්‍රමණය සහ වේගයෙන් සිදු වූ ඉස්ලාම් භක්තික ජනගහන වර්ධනය හේතුවෙන් බටහිර රටවල හලාල් සහතිකකරණය වූ මාංශමය ආහාර සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවිය. මෙය ඉස්ලාම් භක්තික ජනගහන වර්ධනයට සමානුපාතිකව ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් බටහිර රටවල ක්‍රියාකාරිත්වය වැඩිවිය. ඔවුන්ගේ බලපෑම මෙන්ම ආගමික නායකයින් විසින් ජන මනස තුලට අනිසි ලෙස කාවද්දන ලද්දකි.

    ආහාරයට ගන්නා ද්‍රව්‍ය සඳහා ඇරඹි හලාල් සහතිකකරණය ඉස්ලාම් භක්තිකයන් සුළු ප්‍රමාණයක් වෙසෙන ලංකාවේ මූල්‍ය ආයතන, ආහාරයට නොගන්නා සමහර ද්‍රව්‍ය සඳහාද යොදාගනු ලැබේ. වර්ෂ 2005 වනතුරු මාංශ නිෂ්පාදන සඳහා පමණක් සීමාව තිබූ හලාල් සහතිකකරණය ලංකාවේ ජමෛයිතුල් උලමා වරුන් විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව පුළුල් ලෙස ව්‍යාප්ත කරනු ලැබින. ඔවුන් ඉස්ලාම් භක්තික අහිංසක ජනතාව දඩමීමා කරගෙන ඔවුන්ගේ පටු අරමුණු කරා ගමන් කරති. ඔවුන්ගේ දේශනා හරහා භක්තිකයන්ගේ මොළ ශෝධනය කරමින් සිතීමේ හැකියාව ලිවීමට මොටකරවන සුළු තර්ක ඉදිරිපත් කරමින් මෙම ක්‍රියා මාර්ගය ගනු ලැබිණ. තමන්ට අවනත නොවන නිෂ්පාදකයන්ට විවිධ බලපෑම් එල්ල කරමින් වර්ෂ 2005 සිට මෙම කටයුතු වල ඔවුන් යෙදෙමින් සිටියහ. රූපලාවනය නිෂ්පාදනවල සූකර තෙල් අඩංගු බවට ජන මනසට කාවැද්දූ ඔවුන් ජනතාවගේ මනස තම මතයට නම්මාගත් හ. නවසීලන්තයෙන් ගෙන්වන එක්තරා කිරිපිටි වර්ගයකට හලාල් ලකුණ ප්‍රවර්ධනය කළ ද එය අසාර්ථක වූ තැන එම පිටිකිරි වල සූකර තෙල් අඩංගු බවට ප්‍රචාරයක් යැවූහ. එක්තරා ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදක කර්මාන්ත ශාලාවකට ඔවුන්ගේ හලාල් සහතිකය ලබා දීමට කටයුතු කර බිස්කට් නිෂ්පාදන එක්තරා ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදක කර්මාන්ත ශාලාවකට ඔවුන්ගේ හලාල් සහතිකය ලබා දීමට කටයුතු කර බිස්කට් නිෂ්පාදන ක්‍රියාවලියේ බොහෝ ක්‍රමවේදයන් ඔවුන්ගේ භක්තික කර්මාන්ත කරුවෙකුට ලබාදුන් බව ප්‍රසිද්ධ රහසකි. එම සහතිකය ලබා ගැනීමේදී කර්මාන්තය සඳහා යොදාගන්නා සියළු අමුද්‍රව්‍ය හලාල් ක්‍රමවේදයට අනුකූල විය යුතුය. වෙනත් ආකාරයකට කියන්නේ නම් එනම් මොවුන් කියන්නා වූ කියන්නා වූ සැපයුම් කරුවෙකු සපයන අමුද්‍රව්‍ය කර්මාන්ත කරුවා විසින් මිලදී ගත යුතුය. ක්‍රමවේදය පරික්ෂා කරවීමට උලමාවරුන් යොදවන අනුගාමිකයන් පිරිසක් ආයතනයේ යෙදවිය යුතුය. මේ සඳහා වූ ගාස්තු ගෙවිය යුතුය. සත්‍ය ගවේෂී ගේ මිත්‍රයකු වන ආහාර ආකලන ආනයනය කරන ව්‍යාපාරිකයකු හලාල් සහතිකය ලත් සැපයුම් කර්මාන්තයට ලබා දුන් අවස්ථාවේදී හලාල් අධීක්ෂණ නිලධාරීන් එම සැපයුම් ඔවුන් පිළිගන්නා මැලේසියාවේ ආයතනය හරහා ලද සහතික නොවන නිසා පිළිගත නොහැකි යැයි කීහ. මෙමගින් පැහැදිලි වන්නේ තමා විසින් අනුමත කරන ව්‍යාපාරිකයන්ගෙන් පමණක් අමුද්‍රව්‍ය මිලදී ගත යුතු බවයි. මෙමඟින් අනිසි ලෙස ඔවුන්ගේ ඉස්ලාම් භක්තික වෙළඳ මාෆියාවක් ලංකාව තුල ක්‍රියාත්මක කරවීමයි. පසුව ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ඔවුන්ගේ පටු පරමාර්ථ කෙටි කාලයකට නිහඬ කර ජමෛයිතුල් උලමා සංවිධානයෙන් වෙන්ව හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council) නම්වූ සංවිධානයක් බවට රූපාන්තරණය විය. එහෙත් එය ජමෛයිතුල් උලමා සංවිධානය විසින් හසුරවන සංවිධානයක් බව එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සංයුතිය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. මවුලවි වරුන් කෙතරම් ජනතාව වෙත තම මතය කාවැද්දීම කෙරෙහි මුසා දෙසුවේද යත් එක් උගත් මහතෙක් පැවසූයේ, පානීය ජලය පිරිසිදු කිරීම සඳහා මිනිස් ඇටකටු ජල පෙරණ තුළදී භාවිතා වන බවයි. එය කෙතරම් අතාර්තික ද යත්, ජල පෙරණ වල අවශ්‍යතාවය සපුරා ගැනීමට මිනිසුන් මැරිය යුතුය. එසේත් නොමැති නම් වල දමන ලද මිනී ගොඩ දැමිය යුතුය. එවැනි විකාර මත විශ්වාස කරන තරම් ජනතාව මුළාවට පත් කොට ඇත. එහෙත් සමහර නිෂ්පාදන සඳහා සත්ත්ව මූලාශ්‍රවලින් ලබාගත් ද්‍රව්‍ය යොදා ගනු ලැබේ. එනම් ජෙලටින් සඳහා සත්ත්වමය මූලාශ්‍රයෙන් අමුද්‍රව්‍ය ලබා ගනී. එහෙත් ඇල්ගී වලින් ලබාගන්නා මොස් ජෙලි වෙළඳ පොලේ දක්නට ඇත. තම විශ්වාසයට අනුකූලව මොස් ජෙලි භාවිතා කිරීම වරදක් නැත. එහෙත් මේ මතය යොදාගනිමින් තමන්ගේ මතය දෙදරන ජන සමූහයකට බලෙන් කාවැද්දීම සදාචාරාත්මක නොවේ. මෙම ක්‍රියාවලිය නිසා නිෂ්පාදන වියදම ඉහල යාම සමස්ත පාරිභෝගිකයන් අසාධාරණ ලෙස දැරිය යුතුද?

    තම විශ්වාස වලට අදාල නොවන කරුණු මත පාරිභෝගිකයා අනවශ්‍ය ලෙස වෙනත් කණ්ඩායමක මතවාදයකට ලක්විය යුතුද ?දැනට ලෝකයේ ක්‍රිස්තියානි භක්තිකයින් බිලියන 2.3 ක්ද, ඉස්ලාම් භක්තිකයින් බිලියන 1.8 සිටිති . වර්ෂ 2060 දී දෙකොට්ඨාසයම බිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් වනු ඇතැයි උපකල්පනය කෙරේ (මූලාශ්‍රය: pewresearch.org/facttank). දැනට ලෝකයේ යුදෙව් ජාතිකයින් මිලියන 14.7 ක් සිටිති (මූලාශ්‍රය: jewishvirtuallibrary.org). මාංශමය ආහාර අනුභව කරන සික් ජාතිකයින් හට, වෙනත් ආගමික විශ්වාස මත ඝාතනය කරන සත්වයින්ගේ මස් ආහාරයට ගැනීම ඔවුන්ගේ විශ්වාසයට විරෝධී දෙයකි. සමහර හින්දූන් මස් මාංශ ආහාරයට නොගන්නා අය ය. සංස්කෘතීන්ගේ විවිධත්වය ජන සමාජයේ වර්ණවත් කරන අතර එය තවත් ජන සමාජයක ප්‍රාණ ඇපයක් නොවිය යුතුය. සියලුම ජන වර්ග වලට තමන්ගේ ආවේණික ලක්ෂණ සුරක්ෂිතව තබා ගැනීමට හැකියාව ලැබිය යුතුය.

    ඕස්ට්‍රේලියාවේ හලාල් සහතිකකරණයේ ඉතිහාසය සැලකූවිට වර්ෂ 1974දී මාංශමය ආහාර වලට සහතික කරන ලබාදී වර්ෂ 1993දී ආයතන එකොළහක් සහතිකකරණය වී ඇත. (මූලාශ්‍රය: exportconnect.com.au/brief-history-of-halal/).වර්ෂ 1997 දී ඕස්ට්‍රේලියාවේ හලාල් සහතිකකරණ සංවිධාන විසින් රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත වලටද හලාල් සහතිකකරණය යොමු කර ඇත.

    මුස්ලිම් ජනගහනය 87.2% ක් සිටින ඉන්දුනීසියාවේ හලාල් සහතිකකරණය කෙසේ සිදුවේදැයි සළකා බලමු. එහි හලාල් සහතිකකරණය සිදු කරන්නේ ඉන්දුනීසියාවේ උලමා කවුන්සිලය (MUI) විසිනි. ඔවුන් ආහාරමය නොවන නිෂ්පාදන සදහා ද හලාල් සහතිකය ලබා දී ඇත. ඉන්දුනීසියාවේ මුස්ලිම් පාරිභෝගිකයන්ගේ වර්ධනයක් පවතී. වෙළෙඳපොළ තරඟකාරිත්වය හේතුවෙන් කර්මාන්තකරුවන් තම නිෂ්පාදනය හලාල් සහතිකය ලත් බව වෙළඳ දැන්වීම් වල සඳහන් කරති. ද ජකර්තා පෝස්‍ට් හි සඳහන් පරිදි ෂාප් ඉලෙක්ට්‍රොනික් ආයතනය තම ශීතකරණයක් හලාල් සහතිකය ලත් පලමු ශීතකරණය ලෙස දැන්වීම් යොදනු ලැබිය. සමහර ඉන්දුනීසියානු පාරිභෝගිකයන් සඳහන් කරනු ලැබුයේ “ආහාරයක් ලෙස ජීර්ණය නොවෙන දෙයක් හලාල් වන්නේ කෙසේද?” යන්නයි.

    MUI විසින් හලාල් සහතිකකරණය ලබාදුන් Zoya නමැති හිජාබ් ඇඳුම් සන්නාමය වර්ෂ 2016 දී තමන් හලාල් අනුකූලතාව ඇති එකම හිජාබය බව දැන්වීම් පලකලේය. (මූලාශ්‍රය: thejakartapost.com/news/2018/05/27) එම දැන්වීම හේතුවෙන් අනෙක් හිජාබ නිෂ්පාදන හරාම් වන්නේද යන තර්කය මත අනෙක් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවයට පත්වූහ. පසුව Zoya හි නිර්මාණ අධ්‍යක්ෂ වරයා මාධ්‍ය හමුවක් පවත්වා සමාව ඉල්ලා සිටියේය. MUI හි අධ්‍යක්ෂ වරයෙකු වන ලුක්මාන් හකීම් පවසන ආකාරයට ආහාරමය නොවන නිෂ්පාදන සඳහා හලාල් සහතිකකරණය පිලිබඳ ඉල්ලීම් රාශියක් යොමුවන බව පවසයි.ඉන්දුනීසියාවේ වර්ෂ 2012 දී හලාල් සලකුණ සඳහා 32,890 ක් අනුමත ව තිබූ අතර වර්ෂ 2017 දී 127,286 දක්වා සංඛ්‍යාව වර්ධනය වී ඇත. මෙය හුදු නිෂ්පාදනයෙහි ගුණාත්මකතාවය පිලිබඳ වටිනාකමක් සහිත වර්ධනයක් නොවන අතර ආගමික නායකයින් විසින් ආර්ථිකමය අරමුනින් ජනමනසට කාවද්දන ආගමික මතවාදයක් පමණක් බව සත්‍යගවේෂීගේ හැඟීමයි. එහි ආර්ථික ප්‍රතිලාභ ආගමික නායකයින්, මහාපරිමාණ ව්‍යාපාරිකයින් කුඩා පිරිසක් විසින් සමස්ත ජනසමාජයක් මුලාවට හෙළමින් අත්විඳින්නක් බව සත්‍යගවේෂී හොඳින් දන්නා කරුණකි.

    එඤ්ඤං
    මම සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.