තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයඑන සතියේ වැහෙන පාසල්වල ගුරුවරුන් පාසල් යන්න ඕන නෑ - ඇමති සුසිල්

    එන සතියේ වැහෙන පාසල්වල ගුරුවරුන් පාසල් යන්න ඕන නෑ – ඇමති සුසිල්

    හෙට (20) සතියක කාලයක් වසා තැබෙන පාසල්වල ගුරුවරුන් පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

    ඒ අනුව එම පාසල්වල ආරක්ෂක අංශ හැර අනෙක් කාර්ය මණ්ඩල පැමිණීම අනිවාර්ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කීය.

    කොළඹ කලාපයේ සහ රටේ සියලුම ප්‍රධාන නගරවල පාසල් සතියක කාලයක් වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණි.

    රටේ ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා නිසා මෙම පියවර ගෙන ඇති බැවින් මෙම දින නිවාඩු දින ලෙස සැළකෙන බව ද අමාත්‍යවරයා කීය.

    වැඩිදුරටත් ඒ පිළිබඳ කරුණු දැක්වූ අමාත්‍යවරයා,

    එමෙන්ම විභාග උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්, විභාග ශාලාධිපතිවරුන් සඳහා ඉන්ධන ලබාගැනීම සහ ඔවුන්ගේ විශේෂ දීමනාව සම්බන්ධයෙන් පිළිබඳ අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img