තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයඅගෝස්තු - දෙසැම්බර් පාසැල් නිවාඩු නෑ

    අගෝස්තු – දෙසැම්බර් පාසැල් නිවාඩු නෑ

    මෙම වසරට අදාළ අගෝස්තු සහ දෙසැම්බර් පාසැල් නිවාඩුව ලබාදීමකින් තොරව පාසැල් අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තිරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

    විභාග පැවැත්වෙන කාලසීමාව තුළ පමණක් පාසැල් සඳහා නිවාඩු ලබාදෙන බව හෙතම කියා සිටියේය.

    එමෙන්ම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් ක්‍රමයට පවත්වනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද(18) දිනයේ තීරණයක් ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

    එහෙත් ප්‍රවාහන ගැටළු නොමැති ග්‍රාමීය පාසැල්වල අධයන කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් ද එහිදී තීරණයක් ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img