fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිපෙට්කෝ පිරවුම්හල්වල අද ඉන්ධන නෑ?

    සිපෙට්කෝ පිරවුම්හල්වල අද ඉන්ධන නෑ?

    අද(18) දිනයේ ඉන්ධන බෙදාහැරීම පිළිබඳ තොරතුරු කිසිවක් ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් යාවත්කාලීන කර නොමැති බව පෙනී යයි.

    ඒ අනුව අද දිනයේ සිපෙට්කෝ ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව ද එහි ෆේස්බුක් පිටුවෙන් සහ වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

    එමෙන්ම https://ceypetco.gov.lk/fuel-distribution යන්නෙහි ද පවතින තොග පිළිබඳ  යාවත්කාලීන කිරීමක් මෙම පුවත පළකරන මොහොතේත් කර නොතිබිණි.

    ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් තොරතුරු පලකිරීම වෙනුවෙන්ම පසුගිය දා ආරම්භ කරන ලද https://fuel.gov.lk/ වෙබ් අඩවිය ද මේ වනවිට වසා දමා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.