තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එප්පාවල පොහොර නිෂ්පාදනය ඉක්මන් කරයි

    එප්පාවල පොහොර නිෂ්පාදනය ඉක්මන් කරයි

    එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ත්‍රිත්ව සුපිරි පොහොර හා තනි සුපිරි පොහොර (TSP හා SSP) නිෂ්පාදනය කඩිනම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    මෙම එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව වී හා අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනය ඉක්මනින්ම ආරම්භ කිරීම සඳහා ඊයේ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව ඇත.

    පොස්පේට් නිධිය ආශ්‍රිතව මෙට්‍රික් ටොන් මිලියන 60ක පමණ පොස්පේට් පවතින පසුබිමක වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 06ක පමණ මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img