තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් එකට 173 දෙනෙක් හිරෙන් නිදහස්

    පොසොන් එකට 173 දෙනෙක් හිරෙන් නිදහස්

    පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 173 දෙනෙකුට නිදහස හිමිවන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත නිදහස් කිරීම සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සුළු දඩමුදල් ගෙවීමට නොහැකිව සිරදඩුවම් ලබන සිරකරුවන් 141 දෙනෙක් ද ඒ අතර වේ. සෙසු සිරකරුවන් නිදහස් වීමට දින 14කට අඩු කාලයක් ඇති අය බව බන්ධනාගාර තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img