තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් පිරිස වැලැක්වීමට පොලීසිය පෙර සූදානමකින් නොසිටි බව පොලිස් ලොක්කෙක්...

    ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් පිරිස වැලැක්වීමට පොලීසිය පෙර සූදානමකින් නොසිටි බව පොලිස් ලොක්කෙක් සී.අයි.ඩී.යට කියයි

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් පිරිස වැලැක්වීමට පොලීසිය මුල සිටම පෙර සූදානමකින් නොසිටි බව අරගලිගහ මන්දිරයේ පිටත ආරක්ෂාව භාරව කටයුතු කළ පොලිස් ප්‍රධානයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළිකර තිබේ.

    විශේෂ ප්‍රභූ ආරක්ෂක අංශයක ප්‍රධානයෙක් ලෙස සේවයේ නිරතව සිටින එම නිලධාරියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හමුදාවට එක්ව සේවය කර ඇති නිලධාරියෙකි.

    එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සඳහන්කර ඇත්තේ තමා දින ගණනාවක් තිස්සේ විශේෂ රාජකාරි පදනමින් අරලියගහ මන්දිරයේ පිටත ආරක්ෂාව සම්බන්ධයෙන් අධික්ෂණ නිලධාරියෙක් ලෙස කටයුතු කරන බවය.

    එදා මැයි 09 වෙනිදා පෙරවරුවේ අරලියගහ මන්දිරයට රැස්වූ පිරිස පෙළපාලියකින් කොළඹ කොටුව දෙසට ගමන් කරන බවටත් ගැටුමක් ඇතිවිය හැකි බවටත් බුද්ධි අංශ පෙර දිනයේ වාර්තාකර තිබුණත් එම බුද්ධි වාර්තාවට අනුව වත් නිසි ආරක්ෂක පියවර අනුගමනය කිරීමට කිසිදු පූර්ව සූදානමක් තමා නොදුටු බව එම නිලධාරියා කියා ඇත.

    මැයි 09 වෙනිදා උදෑසන කොළඹ ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙක් සිටියේ අරලියගහ මන්දිරයේ බවද එම නිලධාරියා හෙළිකර ඇති බවද ආරංචි මාර්ග අනාවරණය කළේය.

    "එදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට පැමිණි පිරිස් අරලියගහ මන්දිරයට ඇතුළුකර ගනු ලැබුවේ බේරේ වැව පැත්තේ ගේට්ටුවෙන්. ඔවුන් පැමිණි බස් රථ සහ වාහන ගාල් කලේත් ඒ පැත්තේ. හැබැයි රැස්වීම අවසානයේ ඔවුන් පිටතට යන්නේ කොල්ලුපිටිය දෙසින් ඇති ගේට්ටුවෙන්. එය අසාමන්‍ය තත්ත්වයක්." යැයිද එම නිලධාරියා පෙන්වා දී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img