ඉන්ධන පාරිභෝගිකයන් පිරවුම්හල්වල ලියාපදිංචිකර සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබේ.
පාරිභෝගිකයන් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචිකර සතිපතා ඉන්ධන කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් මේ වන විට නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද සඳහන් කරයි. ලබන ජුලි මාසයේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.
රටේ මූල්‍ය තත්ත්වය ශක්තිමත්ව පැය 24 පුරාවට විදුලිය ලබාදීමට හැකියාවක් ලැබෙන තුරු මෙම සලාක ක්‍රමය ක්‍රියාත්මක වනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.