කූරගල රජමහා විහාර භූමියේ ඉදිකෙරමින් පවතින ගොඩනැගිල්ලකින් බිමට වැටී කම්කරුවෙක් මිය ගොස් තිබේ.
මෙම අනතුර ඊයේ සවස සිදුව ඇති බව කල්තොට පොලීසිය සඳහන් කළේය.
බුලත්සිංහල පරගොඩ පදිංචිකරුවෙක් වන 27 හැවරදි තරුණයෙක් මෙසේ මිය ගොස් ඇත.
අඩි 20ක පමණ ඉහළක සිට මෙම තරුණයා බැමිට වැටී ඇති බව මූලික පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශණ පවත්වන බව පොලීසිය සඳහන් කරයි.