තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වන්දනාවේ ගිය දෙදෙනෙක් ජල රකුසාට බිලිවේ

    වන්දනාවේ ගිය දෙදෙනෙක් ජල රකුසාට බිලිවේ

    අහුංගල්ලේ සිට අනුරාධපුර වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා ගමන්කරමින් සිටි වන්දනා නඩයක සිටි දෙදෙනෙක් තඹුත්තේගස කිත්සිරි ගමේ පිහිටි ලුණුවැවේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් තිබේ.

    මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    මිය ගොස් ඇත්තේ අවුරුදු 19 සහ 27 වයස්වල පසුවන්නන් දෙදෙනෙකි.

    මෙම වන්දනා නඩයේ සාමාජිකයෙකුගේ ඥාතියෙක් තඹුත්තේගම කිත්සිරිගම පදිංචිව සිටින බව පොලීසිය කියයි. අනුරාධපුරයේ සිට අහුංගල්ල බලා යන අතර වන්දනා නඩය එම ඥාති නිවසට ගොස් ඇති බවත් එහිදී කිහිප දෙනෙක් දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img