fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් දන්සැල් දෙන - යන අයට පණිවුඩයක්

    පොසොන් දන්සැල් දෙන – යන අයට පණිවුඩයක්

    පෙසොන් සමයේ දන්සැල් පැවැත්වීමේ සහ ඒවාට සහභාගිවීමේදී සැළකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

    මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

    “මුඛ ආවරණ පැළදීම අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට තීරණය කර තිබෙනවා. අපි දන්නේ නෑ සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ කුමන සාධකයක් මතක කියා.කොහොම වුනත් කොවිඩ් ආසාධිතයින් සමාජයෙන් වාර්තා නොවන්නේ අතීතයේ මෙන් නිරන්තර පී.සී.ආර්.පරීක්ෂණ බහුලව සිදු නොකිරීම නිසයි.ඒ වගේම එන්නත් කරණය හේතුවෙන් කොවිඩ් මරණද අප රටේන් මේ වන විට වාර්තා වන්නේ නෑ.එසේ වූ පමණින් කොවිඩ් රෝගය අප රටින් සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවට කිසිවෙකුට සහතිකයක් ලබා දෙන්නත් හැකියාවක් නැහැ.එවන් පසුබිමක මුඛ ආවරණ අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ ඇයිද යන්න අපිට නම් ගැටළුවක්.ඒ නිසා ජනතාව කළ යුතු වන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම බලා ගැනීම බවයි කියන්න තියෙන්නේ.
    පොසොන් පොහෝ දිනය වෙනුවෙන් බොහෝ ස්ථාන වල දන්සැල් පැවැත්වීමට සුදානම් වන බවක් දක්නට තිබෙනවා.වෙනත් කාල වලදී මෙන් මෙවර දන්සැල් ලියා පදිංචිවීමක් සිදු කළේ නැහැ.නමුත් දන්සැල් වල තත්ත්වය සම්බන්ධයෙන් අපි සොයා බැලීමට අවශ්‍ය කටයුතු කරනවා.පවතින ඉන්ධන සහ ප්‍රවාහන අපහසුතා නිසා සියළුම දන්සැල් පරීක්ෂා කිරීමට අපට නොහැකි වේවි.නමුත් හැකි සෑම දන්සැලක්ම පරීක්ෂා කිරීමට රජ පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුදානමින් සිටිනවා.

    අපි අමතක නොකළ යුතුයි මේ වන විට සෞඛ්‍ය පද්ධතිය දැඩි ඖෂධ හිගයකට මුහුණ දී තිබෙන බව.කිසියම් දන්සැලක සිදු වන පුංචි වරදකින් සුළු හෝ ආසාත්මික තතත්ත්වයක් ඇති වුවහොත් සිදු විය හැකි විනාශය අති විශාලයි. දන්සැල් සංවිධායක වරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ හැකිතාක් සෞඛ්‍යාරක්ෂිතව තම කටයුත්ත සිදු කරන ලෙසයි.
    එමෙන්ම මේ කාලයේ වන්දනා ගමන් වල නිරත වන සියළුම දෙනා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමු කරන ලෙසද අපි ඉල්ලා සිටිනවා.”

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.