fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකාව පුරා ගිනිඅවි විරෝධී උද්ඝෝෂණ මාලාවක්

    ඇමරිකාව පුරා ගිනිඅවි විරෝධී උද්ඝෝෂණ මාලාවක්

    ඇමරිකා එක්සත් ජනපදය පුරා ගිනි අවි විරෝධි උද්ඝෝෂණ මාලාවක් අරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
    ඒ අනුව ඇමරිකාව තුල ක්‍රියාත්ම ලිහිල් ගිනි අවි නීතිය කඩිනමින් වෙනස් කරන ලෙසත් ජනතාවට ගිනි අවි වලින් තොර ආරක්ෂිත පරිසරයක ජීවිත් වීමට අවකාශය සලසා දෙන ලෙසට එරට දේශපාලඥයින්ට බලකිරීමට මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.
    “අපිට වෙඩි වැදීමකින් තොරව නිදහසේ ජීවිත් වීමේ අයිතිය ලබාදෙන්න” යනුවෙන් මෙම විරෝධතාව ආරම්භ වී ඇති අතර ඊට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සහයද ලැබී ඇති බවට වාර්තාවේ.

    එහිදී විරෝධතාකරුවන් විසින් එරට කොන්ග්‍රස් සභිකයින් හට ගිනි අවි සම්බන්ධයෙන් නිසි නීති සම්පාදනයක් කරන ලෙසටද ඉල්ලා තිබේ.
    කෙසේ වෙතත් ඇමරිකාවේ රිපබ්ලික් පක්ෂය විසින් මෙම ගිනි අවි තහනමට ගෙන එන නීති සම්මත වීම වැලැක්වීමට බොහෝවිට ඉඩ පවතින බවටද වාර්තාවේ.
    ඇමරිකාව පුරා මෙම විරෝධා වර්ධනය වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඉකුත් මැයි 24 වැනිදා ටෙක්සාස් හී පාසල සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මර්ණයට පත්වීමයි. ඊට පෙර නිව්යෝක් නගරයේද පුද්ගලයින් 10 දෙනෙකු වෙඩි තැබීමකින් මරණ්‍යට පත්විය.

    පසුගිය කාලය පුරාම ඇමරිකාව තුල වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් වාර්තා වන අතර ලොව වැඩිම වෙඩි තැබීම් වාර්තා වන රාජ්‍යන්ගෙන එකක් වන්නේද ඇමරිකා එක්සත් ජනපදයයි.

    ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගිනි අවි ලඟ තබා ගැනීමට අවසර හිමිවන අතර මෙම මූලික මිනිස් අයිතිවාසිකමක් බවද ඇතැම් දේශපාලඥයින් සිය මැතිවරණ රැලිවලදී විශාල වශයෙන් භාවිතා කරයි. ඒ අනුව ඇමරිකාව තුල ගිනි අවි තහනම් කිරීම විශාල අභියෝගයක් වී තිබේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.