fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලකරුවන්ට පහරදීම ගැන උසාවියට ගේන්න ඉතිරිව ඇත්තේ ජොන්ස්ටන් සහ දේශබන්දු පමණයි- සී.අයි.ඩී.ය...

    අරගලකරුවන්ට පහරදීම ගැන උසාවියට ගේන්න ඉතිරිව ඇත්තේ ජොන්ස්ටන් සහ දේශබන්දු පමණයි- සී.අයි.ඩී.ය කියයි

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කරෙන විමර්ශනයන්ට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කළ පුද්ගලයින් අතරින් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පමණක් බවත් බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 216 වන වගන්තියෙන් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණය ඔහු සම්බන්ධයෙන් ලබාදෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට පමණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිපති උපදෙස් ලබාගැනීමට අදාල සාක්ෂි සටහන් නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ යොමු කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    ඊට අමතරව එදින ගාලුමුවදොර ප්‍රදේශයේ ආරක්ෂාව භාරව කටයුතු කළ සෙසු නිලධාරීන් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරයි.

    ඒ අතර ප්‍රබල දේශපාලනඥයෙකුගෙන් මෙම විමර්ශන සඳහා බලපෑම් දැඩිව එල්ලවෙමින් ඇති බවද පොලිස් දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. තමා ඇමතිධූරයේ රැදී සිටින තාක්කල් චෝදනා ලබා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට එරෙහිව පියවර ගැනීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් එම නිලධාරියා සම්බන්ධයෙන් වූ විමර්ශන සඳහා දැඩිව බලපෑම් කරන බවද පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වන විට දැඩි කථාබහක් පවතී.

    එකී දේශපාලනඥවා සහ පොලිස් නිලධාරියා කාලයක සිට ගජ මිතුරන් බැවින් සහ ඔවුන් දෙදෙනා එකට ව්‍යායාම් ක්‍රීඩාවල සවස් කාලයේ යෙදී සිටින නිසා මෙසේ එම දේශපපාලනඥයා විමර්ශන සඳහා බලපෑම් කරන බව පොලිස් නිලධාරීන් විශ්වාස කරති.

    මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකධූරයට වෙනත් නිලධාරියෙක් පත්කිරීමටද පිරිසක් කුමන්ත්‍රණයක නිරතව සිටින බවද පොලීසිය තුළ කථාබහක් පවතී.

    ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂධූරය භාරගැනීමට එකී කුමන්ත්‍රණකරුවන් යෝජනාකර ඇතත් ඒ කිසිවෙකුත් ඊට එකඟතාව පළකර නොමැති බැවින් තවමත් කාවින්ද පියසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්දයෙන් වූ විමර්ශන සිදුකරමින් පවතී.

    මේ අතර අධිකරණයේ දී පොලිස්පතිවරයා විසින් එකඟ වූ අකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අධික්ෂණයට පත්කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා විසින් විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් තැබූ සටහනක් ඇතුලත් ලියැවිල්ලකින්ද දැනට කෙරී ඇති විමර්ශන වලින් ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව දේශබන්දු කෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 216 වගන්තියෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඇති සූදානම ගැන අනාවරණය වේ.

    එම ලියැවිල්ල මෙසේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.