තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියේ ජය තමන් සතු කරගනිමින් අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු 3ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
කාසිය වාසිය මෙම තරග දෙකේම ඕස්ට්‍රේලියාව සතු වූ අතර එම අවස්ථා දෙකේදීම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පිරිනැමිනි. ඒ අනුව අද පැවැති තරගයේ දී ද ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 124කි.
ලකුණු 125ක් හඹා ගිය ඕස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය. වනිදු හසරංග කැන්ගරුවන්ට එරෙහිව ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තේය.
තරගයේ වීරයා සම්මානය දිනූ මැතිව් වේඩ් පන්දු 26කදී ලකුණු 26ක් ලබා ගනිමින් ජය කැන්ගරුවන්ට හිමිකර දුන්නේය. තෙවැනි විස්සයි 20 තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාගංණයේ දී ලබන 11 වැනිදා පස්වරු 7ට පැවැත්වෙයි.