මහියංගනයේ ලිපිනයකට ජර්මනියෙන් සහ නෙදර්ලන්තයෙන් එවන ලද තැපැල් භාණ්ඩ පාර්සල් 09 ක තිබී රුපියල් කෝටි 2ක් පමණ වටිනා මත්පෙති තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රෝගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව ඇත.
මධ්‍යම තැපැල් හුවමාරුවේ ආවේක්ෂණ රාජකාරියේ නිරත රේගු නිලධාරීන් මෙම පාර්සල් 09 සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිට ඇත. එම භාණ්ඩ එවන ලද මහියංගනයේ ලිපිනයන් ගැන පරීක්ෂා කිරීමේදී එම ලිපිනයන් ව්‍යාජ බව අනාවරණය වී ඇති අතර එම භාණ්ඩ නිදහස්කර ගැනීමටද දින ගණනාවක් තිස්සේ කිසිවෙකුත් ඉදිරිපත්ව නැත. ඒ හේතුවෙන් රේගු නිලධාරීන් අද එම පාර්සල් පරීක්ෂා කිරීමේදී මත්පෙති තොගය හමුවී තිබේ.
එම පාර්සල් තුළ මෙතන්පිටමයින් නැමැති මත්පෙති 1985ක් සොයාගෙන තිබේ. එම මත්පෙති තොගයේ බර කිලෝ 1යි ග්‍රෑම් 116ක් වන බව රේගුව සඳහන් කරයි.
වැඩිදුර විමර්ශන සඳහා මත්පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.