දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් සහ සාපරාධි බලහත්කාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලියට වලස්මුල්ල අධිකරණය විසින් ඇප මත මුදා හැරියේය.
මෙසේ ඔවුන් දෙදෙනාව මුදා හරින ලද්දේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මතය. ඊට අමතරව සෑම මසකම අන්තිම ඉරිදා වීරකැටිය පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද නියමකර තිබේ.
මේසේ ඇප මත මුදා හැරියේ රවිඳු වෙදආරච්චි සහ නෙත්මි හරින්දි ද සිල්වා යන දෙදෙනාවය.
ශිතකරණයක් කැබ් රථයක පිටුපස අනාරක්ෂිත ලෙස තබාගෙන අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන් ඉකුත් 01 වෙනිදා මෙම සිදුවීම වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටි ඔවුන් දෙදෙනා ඉකුත් 06 වෙනිදා වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණ භාරවී මෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය. ඊයේ ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.