fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටිකට් සල්ලි වංචා සිද්ධියකට අඹේපුස්ස ස්ටේෂන් මාස්ටර්ගේ වැඩ තහනම්

    ටිකට් සල්ලි වංචා සිද්ධියකට අඹේපුස්ස ස්ටේෂන් මාස්ටර්ගේ වැඩ තහනම්

    දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ බඩු ප්‍රවාහන ආදායම්වලින් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

    අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයා ඉකුත් දා සිට වැඩ තහනමට ලක්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

    අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයා මාස හයක පමණ කාලයක සිට ප්‍රවේශ පත්‍ර මුදල් සහ බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ලැබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක් වංචා කර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.