fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ඉල්ලා මාතරදී යකා නැටූ අයෙක් හිරේට

    ඉන්ධන ඉල්ලා මාතරදී යකා නැටූ අයෙක් හිරේට

    ඉන්ධන ඉල්ලා මාතර මහානාම පාලම මතින් මාර්ගය හරස් කර පැවති විරෝධයක් අතර තුර පොලීසියේ ත්‍රීරෝද රථයකට හානි කරමින් කළහාකාරී ලෙස හැසීරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙක්ට බරපතල වැඩ ඇතිව වසර තුනහාමාරක සිරදඩුවමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියම කරනු ලැබීය.

    මෙසේ සිරදඩුවම් නියම වූයේ අවුරුදු 30ක් වයසැති මාතර පදිංචි කරුවෙකුටය.

    සිරදඩුවමට අමතරව රුපියල් 6000ක දඩ මුදලක්ද නියම කරමින් පොලීසියේ ත්‍රීරෝද රථයට වූ හානිය වෙනුවෙන් රුපියල් 50,000ක අලාභයක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කළේය.

    ඉකුත් අප්‍රේල් 19 වෙනිදා කොළඹ ප්‍රධාන මාර්ග මහානාම පාලම මතින් හරස් කරමින් ඉන්ධන ඉල්ලා රියදුරන් පිරිසක් විරෝධය දක්වන අතර තුර මෙම පුද්ගලයා පොලිසීයේ ත්‍රීරෝද රථයට පහරදී තිබුණි.

    අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම යන චෝදනාවට වරදකරුකරමින් ඔහුට අද දිනයේ අධිකරණය මාස හයක බරපතල වැඩ ඇතිව සිරදඩුවමක් හා රුපියල් 1500ක දඩයක්ද, පොලිිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කරකම් පෑමේ චෝදනාවට වරදකරුකරමින් වසරක සිරදඩුවමක් සහ රුපියල් 1500ක දඩයක්ද, අයුතු අවහිර යන චෝදනාවට වරදකරු කරමින් බරපතල වැඩ ඇතිව වසරක සිරදඩුවමක් සහ රුපියල් 1500ක දඩයක්ද, රජයේ දේපොල වලට අනර්ථ කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවට වරදකරු කරමින් වසරක සිරදඩුවමක් සහ රුපියල් 1500ක දඩයක් අධිකරණය විසින් මෙම පුද්ගලයාට එරෙහිව නියම කරනු ලැබීය.

    ඊට අමතරව පොලීසියේ ත්‍රීරෝද රථයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් මාතර කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නමින් ඇති ගිණුමට බැරකරන ලෙසද අධිකරණය නියෝග කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.