fbpx
තවත්
    මුල් පිටුවspecialඉදිරි ආහාර අර්බුදයට පිළියමක් - කරදියෙත් වවන්න පුළුවන් සහල්

    ඉදිරි ආහාර අර්බුදයට පිළියමක් – කරදියෙත් වවන්න පුළුවන් සහල්

    ශ්‍රී ලංකාව ඇතුළු දැනට රටවල් 100කට වඩා වගා කරන සහල්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකම ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත. වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 700ක් පමණ ලොව පුරා නිපදවන අතර, මෙයින් 90% ක්ම නිපදවෙන්නේ ආසියාවේය. Institute of Policy Studies of Sri Lanka (IPS) ආයතනය මගින් 2016 වසරේ ප්‍රකාශ කර ඇති දත්ත අනුව කරනලද ගණනය කිරීමට අනුව, මෙරට පරිභෝජනය සඳහා වාර්ශික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.1 (එනම් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක්) වේ.

    දැනට ටික කලකට පටන්, ඉදිරියේදී පැමිණීමට නියමිත, ලෝක ආහාර අර්බුදයක් පිළිබඳව බොහෝ විද්වතුන්ගේ අවධානයට ලක්වී ඇත. පොහොර සහ රසායනික බෙහෙත් නොමැති වීම සහ ඒවා මිළ අධික වීම, වගාවට සුදුසු ඉඩම් සීමිත වීම, ජලය හිඟකම මේ සඳහා බලපා ඇති ප්‍රධාන සාධක වේ. 2022 මහ කන්නය අසාර්ථක වීම සහ මෙවර යල කන්නයේදීද අපේක්ෂිත ඵලදාව බොහෝ සෙයින් අඩුවනු ඇතැයි ඒ පිළිබඳ විශේෂඥවරුන් විසින් දැනටමත් පුරෝකථනය කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවටද උග්‍ර ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැක.

    මෙම ආහාර අර්බුදයට පිළියමක් ලෙස, කරදියෙන් පවා වගා කළහැකි සහල් විශේෂයක් පිළිබඳ කෙරෙන පර්යේෂණයක තොරතුරු, පසුගියදා චීනයෙන් වාර්තා විය.

    සාමාන්‍ය සහල් වගාකළ නොහැකි, ලවණතාවය වැඩි පසේ, පහසුවෙන් වගාකල හැකි සහල් විශේෂයක් හඳුන්වා දීමට චීන කෘෂි විද්‍යාඥ, Yuan Longping ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය මගින් පසුගියදා වාර්තා කරන ලදී. ඔවුන් මෙම නව සහල් ප්‍රභේදය හඳුන්වා ඇත්තේ “Saltwater Rice” ලෙසය. චීන ජාතිකයන් විසින්, “Father of Hybrid Rice” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, මහාචාර්ය යුවාන්ගේ විවිධ පර්යේෂණ හේතුවෙන්, වර්ශ 1970 සිට මේ දක්වා, චීනයේ වාර්ශික සහල් ඵලදාව තුන් ගුණයකින් වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇති බව පැවසේ.

    සාමාන්‍ය සහල් වලට 0.3% කට වඩා වැඩි ලවණතාවයක් ඇති පසක වගාකළ නොහැකි මුත්, මෙම නව සහල් ප්‍රභේදය එමෙන් දෙගුණයක ලවණතාවයක් ඇති පසක වුවද පහසුවෙන් වගාකල හැකිය. චීනයේ සාමාන්‍ය සහල් ගොවියෙකුට, තම මූලික වියදම වත් ආවරණය කරගැනීමට, එනම් ලාභයක් හෝ පාඩුවක් නොමැති (breakeven) තත්ත්වයට පත් වීමට අක්කරයකට සහල් ටොන් 4.5ක වත් ඵලදාවක් ලැබිය යුතු යැයි පැවසෙන අතර මෙම නව සහල් ප්‍රභේදය මගින් අක්කරයකට සහල් ටොන් 9.3ක පමණ ඵලදාවක් ලබාගත හැකි බවට වාර්තා වේ. උග්‍ර ආහාර අර්බුදයකට සැරසෙන ශ්‍රී ලංකාවේ අපටද මෙවැනි නවීන භෝග ප්‍රභේද මගින් වැඩි ඵලදාවක් ලබාගත හැකි නම්, කෙතරම් අගනේද?

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.