මුහුදු මාර්ග ඔස්සේ හොර රහසේ ඉන්දියාවට රැගෙන යාමට සූදානම් වූ රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් තලෙයිමන්නාරම මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නාව කඳවුරේ නැවියන් පිරිසකට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්යාලයීය නිලධාරීන් පිරිසක් විසින් මෙම රන් තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කිලෝග්‍රෑම් 1.912 ක බරකින් යුතු මෙම රත්තරන් තොගයේ තක්සේරු වටිනාකම රුපියල් 43,208,000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කරයි.
සැකකරුවන් පුදුකුඩීරුප්පු සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන්ය. රුපියල් 750,000 ක දඩයක් පනවා සැකකරුවන් මුදා හැර රත්තරන් තොගය රාජසන්තක කර තිබේ.