fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අටලුගම දැරිවියගේ ඝාතකයා අල්ලයි - මඩේ ඔබලා මරපු හැටිත් කියයි

    අටලුගම දැරිවියගේ ඝාතකයා අල්ලයි – මඩේ ඔබලා මරපු හැටිත් කියයි

    අටලුගම දැරිවිය ඝාතනය කළ බවට පොලිසිය විසින් හදුනාගත් පුද්ගලයාව අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    අයිස් නැමැති මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහිවී සිටින ඔහු රැකියාවෙන් කොත්තු බාස් කෙනෙක් වන අතර ප්‍රශ්න කිරීම් හමුවේ පොලීසියට සියල්ල හෙළිකර ඇත.

    වෙළද සැලෙන් දැරිවිය මස් රැගෙන සිය නිවසට යන අතර තුර අතුරු මාර්ගයට දැරිවියව කැදවා ඔහු ඇයට අතරවර කිරීමට සූදානම් වී ඇති බවද සැකකරුගේ ප්‍රකාශ මත අනාවරණය වී තිබේ. දැරිවිය කෑ ගැසීම නිසා ඔහු ඇයගේ කට අතින් වසාගෙන ඇයව ඔසවාගෙන ගොස් වගුරු බිමේ හිස ඔබාගෙන සිට ඝාතනයකර ඇති බවද ඔහුගේ ප්‍රකාශ මත හෙළිවන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    ඒ අනුව දැරිවිය මිය ගොස් ඇත්තේ වගුරු බිමේ ගිල්වීම නිසාය. ඒබව පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද අනාවරණය වී තිබේ.

    සැකකරු පවසා ඇත්තේ ඇයට අතවර කිරීමට තමාට අවස්ථාවක් නොලැබුණු බවය. ඒ ඇය කෑගැසීමට පටන් ගැනීම නිසාය. ඇයට අතවරයක් සිදුවී නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන්ද තහවුරුවන බව පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.