fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොරෝනා මඩින්න උතුරු කොරියාව කුණු කානුත් පරීක්ෂා කරයි

    කොරෝනා මඩින්න උතුරු කොරියාව කුණු කානුත් පරීක්ෂා කරයි

    කොරෝනා වෛරසය සීඝ්රනයෙන් පැතිරයන උතුරු කොරියානු රජය විසින් එරට සියලුම ගංගා, ජලාශ, අප ජලය සහ වායු තත්ත්වය පරීක්ෂා කිරීමට පියවරගෙන ඇතැයි වාර්තාවේ.

    උතුරු කොරියානු රාජ්ය් මාධ්යර වාර්තා කරන අන්දමට එරට කොරෝනා මර්ධනය බලධාරීන් විසින් මෙම පරීක්ෂා කාරීම් සිදුකරන ලබන අතර එහිදී කසල පවා පරීක්ෂා කරමින් වෛරසය පැතිරයාම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් එමගින් වෛරසය පැතිරයාම වැලැක්වීමට පියවර ගෙන ඇත.

    ලොව හුදෙකලා රාජ්යමන් වන උතුරු කොරියාව පසුගියදා කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට විශේෂ වැඩසටහනක් ක්රි‍යාත්මක කර ඇති බව නිවේදනය කළේය. ඒ අනුව රට පුරා හදිසි තත්ත්වයක් සහ සංචරණ සීමා පැනිවීමටද පියවර ගත්තේය.

    ලොව කොරේනා මර්ධනය එන්නත් කරණයෙන් පහළම සිටින රාජ්යවක් වන උතුරු කොරියාව බටහිර රටවලින් කෙරෝනා එන්නත් ලබාදීමට ඉදිරිපත් වුවද එය ප්රනතික්ෂේප කළේය.
    දෙකෝටි පනස් ලක්ෂයක ජනගහනයක් සිටින උතුරු කොරියාවෙන් අප්රේරල් මාසයේ සිටි මේ දක්වා කොරෝනා ආසාදියත වූවිට පෙන්නුම් කරන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන පුද්ගලයින් තිස් තුන් ලක්ෂයකට ආසන්න බවට ජාත්යනන්තර මාධ්ය වාර්තා කරයි.
    බටහිර මාධ්යි වර්තා කරන විදිහට උතුරු කොරියාව සතුව කොරෝනා ආසාදිතයින් පරීක්ෂා කිරීමට ප්රවමාණවත් වෛද්යට පහසුකම් නොමැති අතර එබැවින් සත්යු වශයෙන්ම වෛරසය ආසාදනය වූ පිරිස ඉහළ යාමෙ වැඩි ඉඩකටක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

    මේ අතර උතුරු කොරියාව පවසා සිටියේ තමන් දේශීය වශනේ පීසීආර් පර්යේෂණ කිරීමට උපකරණ නිර්මාණය කළ බවයි. කෙසේ වෙතත් උතුරු කොරියාව තුල දැඩි මර්ධනකාරී පාලන ක්රයමයක් පවත්වාගෙන යනු ලබන අතර බොහොමයක් ජනතාව දැඩි දුෂ්කර ජීවිතයක් ගත කරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.